පවිත්‍රාගේ ගැසට් එක අයින් කරන්න, ඇමති මණ්ඩලයෙන් තීරණයක්

Report

නීතිපතිවරයා විසින් අද(29) දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විල්පත්තු සංරක්ෂිත කලාපයේ පිහිටා ඇති වෙඩිතලතිව් රක්ෂිත කලාපයෙන් හෙක්ටයාර 168ක් ඉස්සන් ගොවිපොළක් පවත්වාගෙන යාම සඳහා මුදා හැරීමට ඉකුත් රජයේ හිටපු වන ජීවී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි නිකුත් කළ ගැසට් නිවේදනය ඉවත් කර ගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බව දැනුම් දී ඇත.

ඉන්දියන් සාගරේ භූකම්පනයෙන් කැළඹේ, මුළු ලංකාවටම දැනුම්දීමක්

ඉන්දියන් සාගරේ භූකම්පනයෙන් කැළඹේ, මුළු ලංකාවටම දැනුම්දීමක්

ඒ අනුව අඳාළ ගැසට් නිවේදනය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා වනජීවී ආරක්ෂක සංගමය සහ පරිසර යුක්ති කේන්ද්‍රය ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවා තිබෙනවා.

එසේම මෙම පෙත්සම එස්. තුරෙයි රාජා, යසන්ත කෝදාගොඩ, ප්‍රියන්ත ප්‍රනාන්දු , යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අතර එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විවේකා සිරිවර්ධන අධිකරණය හමුවේ කියා සිටියේ මෙම ගැසට් නිවේදනය පිළිබඳව සමාලෝචනයක් කිරීමෙන් පසුව එය ඉවත් කර ගැනීමට අමාත්‍ය මණ්ඩල තීරණයක් ගෙන ඇති බවයි.

මහරගම ලොකු ගින්නක්

මහරගම ලොකු ගින්නක්

එමෙන්ම මෙහිදී පෙත්සම්කාර පාර්ශවය සඳහා පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් අඳාළ ගැසට් නිවේදනය ඉවත්කර ගැනීම පිළිබඳව තමන් සතුටට පත්වන බව ද කියා ඇත.

එසේම ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ එම ගැසට් නිවේදනය ඉවත් කළ බව ප්‍රකාශයට පත් කළ යුතු බවයි.

වැඩිහිටි දීමනාව එනකල් බලන් හිටපු අයට ඔන්න සුබ ආරංචියක්

වැඩිහිටි දීමනාව එනකල් බලන් හිටපු අයට ඔන්න සුබ ආරංචියක්

මෙහිදී ඒ අනුව කටයුතු කිරීමට වග උත්තරකරුවන් සූදානම් බව අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණය හමුවේ එකඟතාවය පළ කර තිබෙනවා.

පසුව එම කටයුතුවල ප්‍රගතිය විමසීමට අදාළ පෙත්සම ඔක්තෝබර් මස 10 වන දා නැවත කැඳවීමටද ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර ඇති බව සඳහන්.

මට ඕනේ වුණා මගේ රටට ආඩම්බරයක් ගේන්න, ගායන ශිල්පී ආදිත්‍යා වැලිවත්ත Miss Tourism Universe වෙනුවෙන් ජාත්‍යන්තරයට

මට ඕනේ වුණා මගේ රටට ආඩම්බරයක් ගේන්න, ගායන ශිල්පී ආදිත්‍යා වැලිවත්ත Miss Tourism Universe වෙනුවෙන් ජාත්‍යන්තරයට