බුද්ධි අංශ වාර්තා දීලා ඉවරයි කතා දෙකක් නෑ ඊළඟට එන්නේ නාමල් - ජෝන්ස්ටන් මේ කියන්නේ නාමල්ගේ ප්ලෑන් එක ගැනද?

Johnston Fernando Namal Rajapaksa Sri Lanka Politician President of Sri lanka Sinhala news
By Mithu Jul 29, 2025 10:22 AM GMT
Mithu

Mithu

Report

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැර නොයමින් තාමත් ඒ වෙනුවෙන් කතා කරන කාලෙන් කාලෙට කතා මවන චරිතයක් තමයි ජෝන්ස්ටන් ප්‍රනාන්දු කියන්නේ. ඔහු පසුගිය දවසක ප්‍රසිද්ධ වේදිකාවල ඉඳගෙන ඊළඟ ජනපති පිළිබඳව උදම් අනමින් අනාවැකි ප්‍රකාශ කර තිබේ.

නාමල් අද අධිකරණයට - අත්අඩංගුවටද යන්නේ?

නාමල් අද අධිකරණයට - අත්අඩංගුවටද යන්නේ?

ඔහුගේ බුද්ධි මට්ටමට අනුව නම් ඊළඟ ජනපති ඔහුගේ ලොක්කා වන නාමල් රාජපක්ෂයි.ඒකෙ දෙකක් නෑ කිසි වෙනසක් නෑ කියලා ඔහු සපත කරමින් වේදිකාව උඩ දිවුරයි.

ඉතින් පසුගිය දවසකත් එයාකාරයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු නාමල් රාජපක්ෂ මහතා නුදුරු අනාගතයේදීම ජනපතිකම ලබා ගන්නවා කියන දේ පිළිබඳව සඳහන් කර තිබුණේ පහත ආකාරයේ ප්‍රකාශයක්.

තිස්සකුට්ටි අනුරගෙන් සමාව ඉල්ලයි

තිස්සකුට්ටි අනුරගෙන් සමාව ඉල්ලයි

"ඔවුන් දන්නවා ඊලඟට එන්නේ නාමල් රාජපක්ෂ කියලා.බුද්ධි අංශ වාර්තා දීලත් ඉවරයි.ඊළඟ පාලනයට එන්නේ ආසියාවෙත් තරුණම නායකයා නාමල්.ඒක ඇත්ත.විවිධ රටවල් වල නායකයෝ කතා කරනවා.අපි තානාධිපති කාර්යාල ගණනාවකට ගියා.ඒ යන හැම තැනින්ම කියන්නේ next president ඔයගොල්ලන්ගෙන් නාමල් කියලයි."

ඉතින් ඔන්න ඔය විදිහට තමයි ජෝන්ස්ටන් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වලා තිබුණේ. කෙසේ නමුත් පසුගිය කාල සීමාවේදී නාමල් රාජපක්ෂ වැඩි වශයෙන් සමාජයේ තරුණ තරුණියන් ගැවසෙන ස්ථානවල ඉඳිමින් ඔවුන් සමග කතාබහේ යෙදෙන රූප රාමු රැසක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වුණා.

ඔහු මේ කරන්නේ රංගනයක්ද ඊළඟ ජනපති වීමේ සිහිනය සම්පූර්ණ කර ගැනීමක්ද යන්න පිළිබඳව තවමත් අවිනිශ්චිතය. කෙසේ නමුත් ජෝන්ස්ටන් ප්‍රනාන්දුට අනුව ඊළඟ අනාගත ජනපති නාමල් රාජපක්ෂ වේවිද යන්නත් ප්‍රශ්නාර්ථයකි.

වැඩිහිටි දීමනාව එනකල් බලන් හිටපු අයට ඔන්න සුබ ආරංචියක්

වැඩිහිටි දීමනාව එනකල් බලන් හිටපු අයට ඔන්න සුබ ආරංචියක්

ReeCha