දරුවන්ට කිරි නෙවෙයි.. විෂ? - කෝටි 18ක බහලුම් සීල්

Report

කෙරවලපිටිය පිහිටි පෞද්ගලික ගබඩාවක රුපියල් කෝටි 18කට ආසන්න වටිනාකමකින් යුත්, මිනිස් පරිභෝජනයට නුසුදුසු ආනයනික කිරිපිටි තොගයක් ගබඩා කර තිබූ බවට හෙළිදරව් වීමෙන් පසු, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වැලිසර අධිකරණයට කරුණු වාර්තා කිරීමට පියවර ගෙන ඇත.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ප්‍රධාන කාර්යාලයට ලැබුණු පැමිණිල්ලකට අනුව, ගම්පහ දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් මෙම ගබඩාව පරීක්ෂාවට ලක් කර ඇත.

මීට පස්සේ මේ අයට ගුරු මාරු නොදුන්නොත් වැඩ වරදියි, ආයේ නහයෙන් ඇඬුවා කියලා වැඩක් නෑ

මීට පස්සේ මේ අයට ගුරු මාරු නොදුන්නොත් වැඩ වරදියි, ආයේ නහයෙන් ඇඬුවා කියලා වැඩක් නෑ

පරීක්ෂාවේදී, නෙදර්ලන්තයෙන් ආනයනය කරන ලද කිරිපිටි තොගය බහලුම් 6ක ගබඩා කර ඇති බවත්, එම කිරිපිටි කිලෝග්‍රෑම් 25 බැගින් ඇසුරුම්වල ගබඩා කර තිබූ බවත් නිරීක්ෂණය වී ඇත. මෙම තොගයේ මුළු බර කිලෝග්‍රෑම් 153,000ක් වේ.

විමර්ශනවලදී හෙළි වූයේ, මෙම කිරිපිටි තොගය දූමකරණය (fumigation) සඳහා ගබඩා කර තිබූ බවයි.

නව ඉන්ධන මිල දැන් හෙටම - ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවේ වෙළඳපොළට නව තිරසාර හුස්මක්

නව ඉන්ධන මිල දැන් හෙටම - ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවේ වෙළඳපොළට නව තිරසාර හුස්මක්

මේ හේතුවෙන් ඇති වූ සැකය මත, අදාළ බහලුම් 6ට මුද්‍රා තබා, වැලිසර අධිකරණයට කරුණු වාර්තා කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

 මෙම සිද්ධිය සම්බන්ධ ඉදිරි විමර්ශන කටයුතු වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් සිදු කිරීමට නියමිතය.

පොලිස් සේවයට පුරප්පාඩු 1000 ක ඉක්මන් බඳවා ගැනීමක්

පොලිස් සේවයට පුරප්පාඩු 1000 ක ඉක්මන් බඳවා ගැනීමක්

ආයේ මේ අයට රියදුරු බලපත්‍ර තිබ්බට මේ වාහන පදින්න බෑ - රජයෙන් දැනුම්දෙයි

ආයේ මේ අයට රියදුරු බලපත්‍ර තිබ්බට මේ වාහන පදින්න බෑ - රජයෙන් දැනුම්දෙයි