යෝජනා තියේනම් කියන්න අපි සලකා බලනවා උඩු යටිකුරු කරන්න හදන අධ්‍යාපන ක්‍රමය ගැන හරිනිගෙන් ප්‍රකාශයක්
ලබන වසරේ සිට 1-6 ශ්‍රේණි දක්වා විශාල අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සිදුකිරීමට නියමිතය.ඒ වෙනුවෙන් කැමැත්ත හා අකමැත්ත ප්‍රකාශ කෙරූ බොහෝ පිරිසක් සිටින අතර අගමැතිනි හරිනි රාජපක්ෂ මෙනෙවිය මෙහි මූලිකත්වය ගැන කටයුතු කරයි.
ඒ අනුව නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා අදහස් සහ යෝජනා ලබාදීමට තවදුරටත් අවස්ථාව පවතින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන යටතේ වයඹ පළාත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් අද (29) කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති වැඩසටහන අමතමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සඳහන් කළාය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්පූර්ණයෙන් සකස් කර අවසන් නැති බවත්, සංවාද, අදහස් යෝජනා සහ භාවිතයේ ඇති ගැටළු හඳුනා ගනිමින් පියවරෙන් පියවර නම්‍යශිලීව සිදුකරන ක්‍රියාවලියක් බවත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී පෙන්වා දුන්නාය.
පෙළපොත් වෙනුවට නව මොඩියුල් ක්‍රමය හඳුන්වා දීම, සම්භාර (credit) ආවරණය වන පරිදි කාලපරිච්ඡේද සකස් කිරීම, ස්වයං අධ්‍යයනය, ප්‍රායෝගික ක්‍රියාකාරකම් සිදු කිරීම, විෂයන් තෝරා ගැනීම, එක් එක් දරුවන් සඳහා ඇගයීම් සිදු කිරීම, දරුවාගේ අධ්‍යයන ප්‍රගතිය සොයා බැලීම, ශ්‍රාස්ත්‍රිය සහ කුසලතා විෂය ධාරා තෝරා ගන්නා ආකාරය ඇතුළු නව ප්‍රතිසංස්කරණයට අදාළ කරුණු රැසක් මෙහිදී සාකච්ඡා කෙරුණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කරේ පහත ආකාරයේ ප්‍රකාශයක්,
"පවතින අධ්‍යාපන ක්‍රමවේදයේ වෙනසක් අවශ්‍යයි කියලා සියලුදෙනා පිළිගන්නවා. ඒ වෙනස විෂය මාලාවේ පමණක් සිදු කිරීම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. සමස්ත අධ්‍යාපන පද්ධතිය තුළ මේ වෙනස සිදුවිය යුතුයි. ඒ නිසා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අපි ප්‍රධාන කුලුනු 5ක් මත සිදු කරන්න කටයුතු කරන්නේ ඒ අනුවයි." "2026 අපි සිදු කරන්නේ 1 වසර සහ 6 වසර සඳහා පමණයි. විභාගයෙන් පසු දරුවන්ට ඉගෙන ගත්ත දේ අමතකයි. එහෙම අධ්‍යාපනයක් රටකට වැදගත් නෑ.
ඒ නිසයි නව ඇගයීම් සහ තක්සේරුකරණය හඳුන්වා දෙන්න කටයුතු කරන්නේ." "පෙරපාසල් අධ්‍යාපනය සම්බන්ධයෙන් මේ වනවිට ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශය හා අධ්‍යාපන අමාත්‍යංශය එක්ව ප්‍රතිපත්ති සම්පාදනය සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් යනවා. ඒ වගේම එක් එක් වෘත්තීය විෂයන් හඳුනාගෙන ඒ විෂයන් පාසල් විෂය මාලාවට ඇතළත් කරනවා. වෘත්තීය අධ්‍යාපනයට සාමාජීය වටිනාකමක් මේ මගින් ඇති වෙනවා."
