හදිසියේම ඉස්කෝලේ පිට්ටනියකට හෙලිකොප්ටර් යානයක් ගොඩබාලා[VIDEO]
අද (25) දින උදෑසන හදිසියේ ගුවන් හමුදාවට අයත් බෙල් -412 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් හොරණ තක්ෂිලා විද්‍යාලයේ ක්‍රීඩාංගණය වෙත ගොඩ බස්වා ඇති බව වාර්තා වේ.
ඒ අනුව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් එරන්ද ගීගනගේ සඳහන් කළේ අයහපත් කාලගුණ තත්ත්වය නිසා මෙම යානය ගොඩබැස්වීමට ක්‍රියා කළ බවයි.
අඳාළ යානය පුහුණු සැසියක් වෙනුවෙන් අද උදෑසන රත්මලාන ගුවන් හමුදා කදවුරෙන් ගුවන් ගතවී ඇති බව සඳහන්.
මේ අතර ගොඩබැස්වූ යානය ටික වේලාවක් ක්‍රීඩාංගණයේ නතර කර තැබීමෙන් පසු නැවත රත්මලාන ගුවන් හමුදා කඳවුර බලා පියාසර කළ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා ඇත.