විධායක ජනාධිපති ධූරය අහෝසි වෙනවද? කලබල වෙන්න එපා අපි කිව්වොත් කරනවා - අගමැතිනිය [VIDEO]

President of Sri lanka Harini Amarasuriya Presidential Update Latest Headlines Sinhala news
By Ashfa Jul 25, 2025 08:11 AM GMT
Ashfa

Ashfa

Report

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම පිළිබඳ කිසිදු අනීතියක් නොමැති අතර, එම කටයුත්ත ආණ්ඩුවේ පළමු රාජ්‍ය පාලන අවධියේදී සම්පූර්ණ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පාර්ලිමේන්තුවේදී අද (25) ප්‍රකාශ කළාය.

පාස්කු ප්‍රහාරයේ වරදකරුවන් මාලිමා ආණ්ඩුවෙත් ඉන්නවද? අගමැතිනිගේ ප්‍රකාශය මෙන්න

පාස්කු ප්‍රහාරයේ වරදකරුවන් මාලිමා ආණ්ඩුවෙත් ඉන්නවද? අගමැතිනිගේ ප්‍රකාශය මෙන්න

මෙය පැවසූයේ, විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම පිළිබඳව ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය ස්ථාවරය සම්බන්ධයෙන් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා විසින් පාර්ලිමේන්තුවේදී ලබාදුන් ප්‍රශ්නයකට පිළිතුරු ලෙසය.

"ජනපති බොරු කියන්නේ - අධ්‍යාපන ප්‍රතිසංස්කරණය වෙලා තියෙන්නේ ව්‍යාපාරිකයන්ගේ කැමැත්තට කමිටුවේ 25න් 24ක්ම බිස්නස් ලොක්කෝ " - පුබුදු ජයගොඩ

"ජනපති බොරු කියන්නේ - අධ්‍යාපන ප්‍රතිසංස්කරණය වෙලා තියෙන්නේ ව්‍යාපාරිකයන්ගේ කැමැත්තට කමිටුවේ 25න් 24ක්ම බිස්නස් ලොක්කෝ " - පුබුදු ජයගොඩ

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ පැහැදිලිව සඳහන්ව ඇති ආකාරයට මෙම කාර්යය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව බලාපොරොත්තු වන බවද ඇය අවධාරණය කළාය.

ගැහැණු - පිරිමි පාසල් එකට - අධ්‍යාපන ක්ෂේත්‍රයට නව තීරණයක්

ගැහැණු - පිරිමි පාසල් එකට - අධ්‍යාපන ක්ෂේත්‍රයට නව තීරණයක්

 ”ගරු කථානායකතුමනි,අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කියල තියෙන විදිහට අපි ඒ අනුව ක්‍රියාත්මක වෙනවා. මේ වෙනුවෙන් අපි සැලසුම් කරගෙන යනවා. මෙතන රහස්‍යභාවයක් නෑ. විශේෂයෙන් අපි කියල තියෙනවා ජනතාවාදී,ජනතාවගෙන් අදහස් ගන්න,විශේෂඥවරුන්ගෙන් අදහස් ගන්න මේ ගරු පාර්ලිමේන්තුවටත් විශාල කාර්යභාරයක් පැවරී තිබෙනවා. ඒක අපි ක්‍රියාත්මක කරනවා. ඒක ගැන කිසිම සැකයක් තියාගන්න ඕනේ නෑ. අපි තාම අවුරුද්දක්වත් නෑ. තව අපිට අවුරුදු හතරක් තියෙනවා. කලබලවෙන්න කිසිදෙයක් නෑ. ඔබතුමා දන්නවා අපි මොනවගේ රටක්ද භාරගත්තේ කියල. ඒ නිසා පළමුවෙනි අවුරුද්ද තුළ ජනතාවගේ දැවෙන ප්‍රශ්න කිහිපයකට අපි ප්‍රමුඛතාවය දුන්නා. මේක අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පැහැදිලිවම තියෙනවා. ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ කොහොමද මේක කරන්නේ කියන එකත් පැහැදිලිව විස්තර කරලා තියෙනවා. ඒ නිසා මම දුන්න පිළිතුර තුළ අපේ ධූර කාලය තුළ මේක අපි සිද්ධ කරනවා.” යනුවෙන් ඇය තවදුරටත් සඳහන් කරන ලදී."

ReeCha