ජනපති අද මාලදිවයිනට [VIDEO]

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (28) මාලදිවයිනේ රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්වයාමට නියමිතව තිබේ.

මාලදිවයින් ජනාධිපති මොහමද් මුයිසු මහතාගේ ආරාධනයක් මත ලබන 30 වැනිදා දක්වා ජනාධිපතිවරයා මාලදිවයිනේ රාජ්‍ය සංචාරයේ නිරතවීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

හැඟීම් නිසා මාව රැවටුණා,ගෙදරට පිරිමි කෙනෙක් නැහැනේ..අම්මා මේ දවස්වල මට ප්‍රපෝසල් හොයනවා - පියුමිටත් මංගල සීනු

හැඟීම් නිසා මාව රැවටුණා,ගෙදරට පිරිමි කෙනෙක් නැහැනේ..අම්මා මේ දවස්වල මට ප්‍රපෝසල් හොයනවා - පියුමිටත් මංගල සීනු

මෙම සංචාරය අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාලදිවයින් ජනාධිපතිවරයා සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටත්, දෙරට අතර අන්‍යොන්‍ය සහයෝගිතාව වර්ධනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් කිහිපයක් හුවමාරු කර ගැනීමටත් නියමිත බව සඳහන්ය.

ඉන්ධන පරිභෝජනයේ සියයට 30 ක් අඩු වෙනකොට ෂෙඩ්වලට ලයිසන් කැන්සල් වෙයි

ඉන්ධන පරිභෝජනයේ සියයට 30 ක් අඩු වෙනකොට ෂෙඩ්වලට ලයිසන් කැන්සල් වෙයි

සංචාරය අතරතුරදී ජනාධිපතිවරයා ව්‍යාපාරික සංසදයක් ඇමතීමට සහ ශ්‍රී ලාංකික විදේශගත ප්‍රජාව හමුවීමට ද නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය ජනාධිපති ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද ඒ සඳහා සහභාගීවීමට නියමිතව තිබේ.

මහ බැංකුවෙන් වාර්තාවක්, එක පවුලකින් හාර ලක්‍ෂ අසූදාහක බදු

මහ බැංකුවෙන් වාර්තාවක්, එක පවුලකින් හාර ලක්‍ෂ අසූදාහක බදු