කර්මාන්ත අංශය ගැන නව අවධානයක් - IMF නියෝජිතයන් සහ ඇමැති හඳුන්නෙත්ති අතර සාකච්ඡා
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අතර විශේෂ සාකච්ඡාවක් අද (06) කර්මාන්ත අමාත්‍යාංශයේදී පවත්වා ඇත.
මෙම හමුවේදී මෙරට කාර්මික අංශය සතු විභවතාවන් සහ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා කර්මාන්ත ක්ෂේත්රය ලබා දෙන දායකත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු විය.
විශේෂයෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මුහුණ දෙන ගැටලු සහ ඔවුන් නගාසිටුවීම සඳහා රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීන්දු පිළිබඳව මෙහිදී නියෝජිත පිරිස දැනුවත් කළේය. ශ්‍රී ලංකාව දැනට ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ කාර්මික අංශයේ වර්ධනය කෙරෙහි ඇති වැදගත්කම මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේනියෝජිතයන්ගේ ඇගයීමට ලක්විය.
නිෂ්පාදන ආර්ථිකයක් කරා යන ගමනේදී පවතින බාධක ඉවත් කිරීම, අපනයන ක්‍රියාවලිය සරල කිරීම සහ විදේශීය ආයෝජන සඳහා හිතකර වටපිටාවක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු කෙරිණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සමඟ සමගාමීව දේශීය කර්මාන්තකරුවන්ට ලබාදිය හැකි සහන සහ මූල්‍ය පහසුකම් පිළිබඳවද දෙපාර්ශවය අතර සාකච්ඡා විය.
මෙම විශේෂ අවස්ථාව සඳහා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සමඟ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජනය කරමින් එහි කොළඹ නේවාසික නියෝජිත මාර්තා වෝල්ඩමයිකල් මහත්මිය , ආර්ථික විද්‍යාඥ ක්ලැකෝව් අකේපනිඩ්ටවෝන් මහතා සහ ආර්ථික විද්‍යාඥ උර්සුලා විරියාඩිනාටා මහත්මිය එක්ව සිටියහ.