දෙවිනුවර රන්දෝලි මහ පෙරහරේ අලි කුලප්පුවක්..මහ රෑ සිදු වූ දේ.(VIDEO)
By Aruna
දෙවිනුවර ශ්‍රී විෂ්ණු උපුල්වන් දේවාලයේ වාර්ෂික රන්දෝලි මහ පෙරහර වීඨී සංචාරය කරන අවස්ථාවේ දී අලියකු කුලප්පු වීමෙන් නරඹන්නන් කිහිප දෙනෙකු සුලු තුවාල ලබා ඇතැයි ගන්දර පොලීසිය පවසනවා.
අලියා කුලප්පු වු අවස්ථාවේ දී ඔවුන් කලබලයට පත්ව එහා මෙහා දිව යද්දී ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙන බවයි පැවසෙන්නේ.
රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ, තුවාලකරුවන්ගෙන් දෙදෙනෙකු පමණක් මාතර මහ රෝහල වෙත ඇතුළත් කර තිබු අතර, ඔවුන් ද මූලික ප්‍රතිකාර ගැනීමෙන් පසු පිටව ගිය බවයි.
සෙසු පිරිසට රතු කුරුස සමාජය වීසින් එම ස්ථානයේ දී ප්‍රතිකාර කරනු ලැබ ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් ඉන් පසුව රන්දෝලි මහ පෙරහැර සාමාන්‍ය පරිදී වීඨී සංචාරය කෙරුණා.
මීට අදාල වීඩියෝව පහතින් නරඹන්න?