ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ නිවේදනය නිකුත් කිරීම ගැන අලුත්ම ආරංචිය මෙන්න..

Report

ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ නිවේදනය නිකුත් කිරීමට නියමිත බව මැතිවරණ කාර්යාල ආරංචි මාර්ග වාර්තා පවසනවා.

ඒ අනුව ලබන මස 15 වැනිදාත් 20 වැනිදාත් අතර දිනකදී නාමයෝජනා පළ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

වාර්තාවන තොරතුරු අනුව බොහෝවිට සැප්තැම්බර් 28 හෝ ඔක්තෝබර් 5 වැනිදා ජනාධිපතිවරණ ඡන්ද විමසීම සිදු කිරීමට නියමිතව තිබේ.

රාජ්‍ය සේවක වැටුප වැඩි වන ගණන 15000ක් කරන්න යයි..මෙන්න සුබ ආරංචියක්.

රාජ්‍ය සේවක වැටුප වැඩි වන ගණන 15000ක් කරන්න යයි..මෙන්න සුබ ආරංචියක්.


මැතිවරණ කොමිසම සැලසුම් කර තිබෙන්නේ, මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව පක්ෂ ලේකම්වරු හා දිස්ත්‍රික් මැතිවරණ නිලධාරීන් කොළඹට කැඳවා ජනාධිපතිවරණය ක්‍රියාත්මක කිරීම පිළිබඳ දැනුවත් කිරීමටයි.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් නිවේදනයට නාම යෝජනා පත්‍ර භාර ගන්නා දිනය හා ඡන්ද විමසීමේ දිනය ද ඇතුළත් කරනු ලබයි.