ගිලන්රථයක් ලොරි රථයක ගැටී බිහිසුණු අනතුරක්, ඇතුළේ රෝගීන් දෙදෙනෙකුත් ඉඳලා

Report

හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නෝර්වුඩ් වෙන්චර් වත්ත ප්‍රදේශයේදී අද (18) දින ගිලන්රථයක් අනතුරට ලක්වී ඇත.

ඒ අනුව එම ගිලන්රථය ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වූ ලොරි රථයක ගැටීමෙන් මෙසේ අනතුරට ලක්ව තිබෙනවා.

වාර්තා වූ ලෙසට බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ සිට දික්ඔය මූලික රෝහල දක්වා රොගීන් දෙදෙනෙකු රැගෙන ගිය ගිලන්රථයක් මෙසේ අනතුරට ලක්ව ඇත. එසේම පොලීසිය සඳහන් කළේ එහි සිටි රෝගීන් දෙදෙනා වෙනත් ගිලන්රථයකින් දික්ඔය මූලික රෝහල වෙත යොමු කර ඇති බවයි.

මේ අතර අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරා නෝර්වුඩ් පොලිසිය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

කෙසේ වෙතත් නෝර්වුඩ් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ නෝර්වුඩ් ප්‍රදේශයේ පවතින දැඩි අයහපත් කාලගුණයත් සමග හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් වන ලෙසයි.

දඹුල්ලේ සතිපොළේ ගින්නක්

දඹුල්ලේ සතිපොළේ ගින්නක්

රෝග ලක්ෂණ මතුවීම ප්‍රමාදයි ඉක්මනට මේ පරීක්ෂාවන් කරගන්න, බරපතළ රෝගයක් ගැන දැනුවත් කිරීමක්

රෝග ලක්ෂණ මතුවීම ප්‍රමාදයි ඉක්මනට මේ පරීක්ෂාවන් කරගන්න, බරපතළ රෝගයක් ගැන දැනුවත් කිරීමක්

මිතුරාට බෝතලයකින් පහරදී දියේ ගිල්වා ඝාතනය කරලා

මිතුරාට බෝතලයකින් පහරදී දියේ ගිල්වා ඝාතනය කරලා