රෝග ලක්ෂණ මතුවීම ප්‍රමාදයි ඉක්මනට මේ පරීක්ෂාවන් කරගන්න, බරපතළ රෝගයක් ගැන දැනුවත් කිරීමක්
දිගුකාලීන වකුගඩු රෝගී තත්ත්වයන් නිසා දිනපතා ශ්‍රී ලංකාවේ පුද්ගලයින් පස් දෙනෙකු පමණ මියයාමේ අවදානමක් පවතින බව ජාතික වකුගඩු රෝග නිවාරණ හා පර්යේෂණ ඒකකය සඳහන් කරයි.
ඒ අනුව එහි අධ්‍යක්ෂිකා වෛද්‍ය චින්තා ගුණරත්න මහත්මිය විසින් 2023 වසරේ දී මෙරටින් දිගුකාලීන වකුගඩු රෝගී තත්ත්වයන් නිසා පුද්ගලයින් 1,600කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පවසා ඇත.
වෛද්‍ය චින්තා ගුණරත්න විසින් අඳාළ කරුණු දක්වා ඇත්තේ වකුගඩු රෝග සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් බව සඳහන්.
කෙසේ වෙතත් මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය චින්තා ගුණරත්න මහත්මිය වකුගඩු රෝග ලක්ෂණ මතුවීම ප්‍රමාද වන හෙයින් බෝ නොවන රෝග සහිත පුද්ගලයින් වකුගඩු පරීක්ෂාවන් සිදුකිරීම අත්‍යවශ්‍ය බව අවධාරණය කර ඇත.
ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන බොහෝ රෝග අතර වකුගඩු රෝගය නිසා පීඩා විඳින අය වැඩි පිරිසක් ගනී.
එබැවින් රෝගය ආරම්භයේදීම හැඳින ගැනීමට වෛද්‍ය උපදෙස් පිළිපැඳීම ඔබේ සෞඛ්‍යයට පිළිසරණක් විය හැක.