අම්බලන්තොට බිහිසුණු ත්‍රිත්ව ඝාතනයේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට..
By Piyumika
අම්බලන්තොට, මාමඩල ප්‍රදේශයේ පුද්ගලයින් තිදෙනෙකු තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු පෙබරවාරි 13 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මේක බෝතලයක් ගෙනත් සමරන්න ඕන..බන්ධනාගාරයෙන් ලැබූ නිදහස සමරන්න මිතුරන්නට එන්න කියා අවසන් පාටිය දැමු තරුණයා..
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 13 හැවිරිදි සැකකරු කිතුලන්ගොඩ රැඳවුම් මධ්‍යස්ථානයේ පරිවාස භාරයට යොමු කර ඇත.
අම්බලන්තොට, තංගල්ල සහ හුංගම පොලීසිය එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් අනතුරුව ඊයේ (03) සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.
නීතිවිරෝධී මත්පැන් සම්බන්ධයෙන් සිදුවු ආරවුලක් හේතුවෙන් ඇති වු ගැටුමක් නිසා ඉකුත් 02 වනදා මෙම ඝාතන සිදුවී ඇති බව පොලීසිය සිදුකළ මුලික විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.
You may like this video