බිහිසුණු ගුවන් යානයේ අනතුරෙන් මඟීන් 49 දෙනාම ජීවිතක්ෂට
By Kaushi
රුසියාවේ පෙරදිග ප්‍රදේශයේ An-24 මගී ගුවන් යානයක් සමඟ ගුවන් ගමනාගමන පාලකවරුන් අතර සම්බන්ධතා බිඳ වැටී අනතුරකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
එවන් පසුබිමක විදෙස් මාධ්‍ය මේ වන විට වාර්තා කර ඇත්තේ අනතුරකට ලක්වූ An-24 මගී ගුවන්යානයේ සිටී පුද්ගලයන් 49දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
රේඩාර් පද්ධතියෙන් අතුරුදහන්ව තිබුණු රුසියානු මගී ගුවන් යානයක සුන්බුන්, චීන - රුසියා දේශසීමාව අසල දී සොයා ගැනීමට හැකිව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කිරීමත් සමඟ මගීන් 49 දෙනෙක් සමඟ අතුරුදහන් වූ මෙම An-24 රුසියානු මගී ගුවන් යානය සයිබීරියාව පදනම් කරගත් Angara ගුවන් සේවයට අයත් වූවක් බව වාර්තා විය.
රුසියාවේ Tynda වෙත ගමන්ගන්නා අතරතුර දී නැගෙනහිර රුසියාවේ Amur කලාපයේ දී රේඩාර් පද්ධතියෙන් මෙම යානය අතුරුදහන්ව තිබූ බවත් සඳහන් වුණා.