මගීන් 49ක් රැගත් ගුවන් යානයක් කඩා වැටෙයි

Report

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පවසන පරිදි, රුසියාවේ පුද්ගලයින් 49 දෙනෙකු රැගත් මගී ගුවන් යානයක් අනතුරකට ලක්ව ඇත.

නැගෙනහිර රුසියාවේ අමූර් කලාපයේ ටින්ඩා නගරය ආසන්නයේ ගමන් කරමින් තිබූ මෙම යානයේ ළමුන් 5 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 49 දෙනෙකු ගමන් ගත් බව වාර්තා වේ.

කාඩ් එකෙන් ගෙවද්දී 2% 3% කපනවද? ආයේ බෑ ඔන්න

කාඩ් එකෙන් ගෙවද්දී 2% 3% කපනවද? ආයේ බෑ ඔන්න

යානය ටින්ඩා ගුවන් තොටුපළ වෙත ළඟා වෙමින් තිබියදී ගුවන් ගමනාගමන පාලන මධ්‍යස්ථානය සමඟ සන්නිවේදනය හදිසියේ බිඳ වැටී ඇත.

අනේ ආයෙත් යුද්ධයක් - අද තවත් රටවල් දෙකක් යුධ වදින්න පටන් අරන්

අනේ ආයෙත් යුද්ධයක් - අද තවත් රටවල් දෙකක් යුධ වදින්න පටන් අරන්

ඒ සමඟම, යානය රේඩාර් පද්ධතියෙන් අතුරුදහන් වීමත් ගුවන් තොටුපළ කාර්ය මණ්ඩලය හා නිලධාරීන් ව්‍යාකූලත්වයට පත් කර තිබේ.

සිදුවීම තහවුරු වීමෙන් අනතුරුව, රුසියාවේ හදිසි සේවා හා ගුවන් සේවා ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් සෝදිසි හා ගලවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇත.

මීට අමතරව, අතුරුදහන් යානය සෙවීම සඳහා Mi-8 හෙලිකොප්ටරයක් ද යොදවා තිබේ.

මෙම යානය අන්කාරා ගුවන් සේවයට අයත් ඇන්ටනොව් A වර්ගයේ යානයක් බව සඳහන් වන අතර, මේ සම්බන්ධයෙන් රුසියාවේ රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සියක් වන RIA Novosti වාර්තා පළකරමින් කියා සිටින්නේ, යානයේ ගමනාන්තයට කි.මී. 15ක පමණ දුරින් පිහිටි කඳුකර ප්‍රදේශයක දී යානයේ සුන්බුන් සොයාගැනීමට හැකිවී ඇති බවයි.

"මගේ පියා මිනීමරුවෙක් නෙමෙයි ඕනෙනම් ජාන පරීක්ෂා කරගමු" පාර්ලිමේන්තුවේ සමාව ඉල්ලපු රෝහිණි කවිරත්න

"මගේ පියා මිනීමරුවෙක් නෙමෙයි ඕනෙනම් ජාන පරීක්ෂා කරගමු" පාර්ලිමේන්තුවේ සමාව ඉල්ලපු රෝහිණි කවිරත්න

ඉරාජ් - රැට්ටා ගැටුමක් පලු යන්න බැන ගනි අරගලේ කතාවකුත් එළියට

ඉරාජ් - රැට්ටා ගැටුමක් පලු යන්න බැන ගනි අරගලේ කතාවකුත් එළියට