මේ දිස්ත්‍රික්කවලට නායයෑමේ අනතුරු ඇඟවීම්

Report

තැනින් තැනට ඇදහැලෙන වර්ෂාමය තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ඒ අනුව නුවර දිස්ත්‍රික්කයේ යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨසයට අදියර තුන යටතේ ඉවත්වීමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත. ඊට අමතරව බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල, නුවර දිස්ත්‍රික්කයේ දොළුව සහ ගඟ ඉහළ කෝරළය, කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, යටින්තොට සහ මාවනැල්ල, මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩහින්න සහ වලපනේ, රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම සහ කිරිල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් අදියර දෙක යටතේ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

ආරක්ෂක අංශ භාරයට ගත් මත්ද්‍රව්‍යවල වටිනාකම ගැන හෙළිකරයි

ආරක්ෂක අංශ භාරයට ගත් මත්ද්‍රව්‍යවල වටිනාකම ගැන හෙළිකරයි

බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල, කන්ඳකැටිය, හපුතලේ සහ පස්සර, ගාල්ල දිස්ත්‍රික්කයේ නියගම, හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල, නුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, පහතදුම්බර සහ උඩුනුවර කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල, දෙහිඕවිට සහ දැරණියගල, මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට, මොනරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර, නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර, අඹගමුව, මතුරට සහ හගුරන්කෙත, රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, කලවාන, ඇහැළියගොඩ සහ කොලොන්න යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් අදියර එක යටතේ විමසිල්ලෙන් සිටින ලෙසට අනතුරු ඇඟවීමක් සිදු කර ඇත.

මෙම අනතුරු ඇගවීමේ නිවේදනය හෙට පස්වරු හත දක්වා වලංගු වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.

මේ රාජ්‍ය නිලධාරින් මාර්තු 03 කරන්න යන දේ මෙන්න

මේ රාජ්‍ය නිලධාරින් මාර්තු 03 කරන්න යන දේ මෙන්න