ආරක්ෂක අංශ භාරයට ගත් මත්ද්‍රව්‍යවල වටිනාකම ගැන හෙළිකරයි

Report

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා පසුගිය 2025 වසරේ, පොලීසිය සහ හමුදාව එක්ව සිදුකළ වැටලීම් හරහා ආරක්ෂක අංශ භාරයට ගනු ලැබූ මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් බිලියන 110 ක් ඉක්මවන බව සඳහන් කරයි.

ඒ අනුව ඔහු පැවසුවේ, 2025 වර්ෂයේ මහජන ආරක්ෂක අමාත්‍යාංශ ආයතනවලට වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 147 ක් වන අතර, මත්ද්‍රව්‍ය ජාවාරම් හේතුවෙන් මෙරටට විශාල මුදලක් අහිමිවීමක් ඇති බවයි.

2020 ලංකාවේ ආර්ථීකය කඩා වැටෙන්න හේතුව මහ බැංකු අධිපති හෙළි කරයි

2020 ලංකාවේ ආර්ථීකය කඩා වැටෙන්න හේතුව මහ බැංකු අධිපති හෙළි කරයි

රවී සෙනවිරත්න මහතා වැඩිදුරටත් පැවසුවේ, මත්ද්‍රව්‍ය ජාවාරම් නිසා තරුණ ජීවිත රැසක් අකාලයේ අහිමි වීමේ අවදානමක් ඇති බවත්, ජාවාරම්කරුවන් විසින් රටට හා ජනතාවට දැක්වෙන විශාල ආර්ථික හා සමාජික හානි පිළිබඳව අවධානය යොමු කළ යුතු බවත්ය.

මෙම මත්ද්‍රව්‍යවලින් ලබාගන්නා ආදායම් රටේ සංවර්ධනයට හෝ ඉදිරි ගමනට කිසිදු දායකත්වයක් නොවන බවත්, එම මත්ද්‍රව්‍ය ආරක්ෂක අංශ භාරයට ගැනීමෙන් සමාජය සහ දරුවන් රැක ගැනීමේ වගකීම සියලු පාර්ශ්වයන්ට ඇති බවද ඔහු අවධාරණය කළේය.

රවී සෙනවිරත්න මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

"අප රටට බිහිසුණු අනතුරක් තියෙනවා. ඒ තමයි මත්ද්‍රව්‍ය. 2025 වසරේ පොලීසිය සහ හමුදාව අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් බිලියන 110 ට අධිකයි. මම සේවය කරන මහජන ආරක්ෂක අමාත්‍යාංශයට වෙන්කරලා තිබෙන මුදල රුපියල් බිලියන 147 ක්. ඉතිං, ඔබට තේරෙනවා ඇති, මේ මත්ද්‍රව්‍යවලින් මේ හා සමාන මුදලක් රටට අහිමි වෙලා තියෙනවා. මේ බිලියන 110 මෙරට සහ ජනතාව විනාශ කරන්න යොදවනවා, සංවර්ධනයට හෝ ඉදිරි ගමනට කිසිදු දායකත්වයක් නැහැ. ඒ නිසා ඔබේ දරුවා මේ මත්ද්‍රව්‍ය රකුසාගෙන් බේරගන්න."

දෙවුන්දර වෙඩි තැබීම ගැන පොලිස් කණ්ඩායම් 4 ක් ඔස්සේ විමර්ශන

දෙවුන්දර වෙඩි තැබීම ගැන පොලිස් කණ්ඩායම් 4 ක් ඔස්සේ විමර්ශන