කාලගුණයෙන් හදිසි අනතුරු ඇඟවීමක්- පළාත් 6කට සහ දිස්ත්‍රික්ක දෙකකට ප්‍රබල අකුණු අවදානමක්

Report

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ දකුණු පළාත්වලට මෙන්ම අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්කවලට ද බලපාන පරිදි ප්‍රබල අකුණු පිළිබඳ ඇම්බර් (Amber) මට්ටමේ අනතුරු ඇඟවීමක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

අද (09) පෙරවරු 11.00ට නිකුත් කළ මෙම අනතුරු ඇඟවීම හෙට (10) අලුයම 1.00 දක්වා බලාත්මකව පවතින බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව, අදාළ පළාත්වල සහ දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක ප්‍රබල අකුණු සමඟ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතී. එමෙන්ම, ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බවට අනතුරු අඟවා තිබේ.

මහජනතාවට විශේෂ දැනුම්දීමක් ප්‍රබල අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු සහ දේපළ හානි අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවල එළිමහන් ස්ථානවල රැඳී සිටීමෙන් වැළකී ආරක්ෂිත ගොඩනැඟිල්ලක් තුළ රැඳී සිටීම වැදගත් වේ. එමෙන්ම, විවෘත භූමි, උස් ස්ථාන සහ හුදකලා ගස් අසල රැඳී සිටීමෙන් වැළකිය යුතුය.

අකුණු අනතුරු පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන ඉදිරි නිවේදන සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසත් මහජනතාවට දැනුම් දෙනු ලැබේ.

දිස්ත්‍රික්ක පහක ජනතාවට තම ප්‍රදේශයෙන්ම යතුරුපැදි ලියාපදිංචි කිරීමේ පහසුකම

දිස්ත්‍රික්ක පහක ජනතාවට තම ප්‍රදේශයෙන්ම යතුරුපැදි ලියාපදිංචි කිරීමේ පහසුකම

ඉදිරි පැය 36 ගැන කාලගුණෙන් හදිසි අනතුරු ඇඟවීමක්- පළාත් රැසකට ම්.මී. 100 පැන්න තද වැසි

ඉදිරි පැය 36 ගැන කාලගුණෙන් හදිසි අනතුරු ඇඟවීමක්- පළාත් රැසකට ම්.මී. 100 පැන්න තද වැසි

Gallery