රට පුරාම දරුණු අනතුරු පෝළිමක්, පුද්ගලයන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට
රටේ ප්‍රදේශ කිහිපයක සිදුවු රිය අනතුරුවලින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
ඒ අනුව බලංගොඩ - රත්නපුර මාර්ගයේ ඇල්ලේපොල ප්‍රදේශයේදී යතුරුපැදියක් මගී බස් රථයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම අනතුරුන් මිය ගොස් ඇත්තේ යතුරුපැදිය පැදවු 34 හැවිරිදි කාන්තාවක්.
එසේම පොතුවිල් අක්කරපත්තුව මාර්ගයේ තංගවේලායුදපුරම් ප්‍රදේශයේදී ද යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවු අනතුරකින් බරපතළ තුවාල ලැබු එක් යතුරුපැදිකරුවෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇත.
ඔහු වයස අවුරුදු 29 හැවිරිදි තිරුක්කෝවිල් 04 ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක් බව පොලීසිය වාර්තා කරයි.
එමෙන්ම කොහුවල, සරණංකර මාර්ගයේ කළුබෝවිල ප්‍රදේශයේදී ද සිදු වූ අනතුරකින් ද එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.
අඳාළ අනතුර සිදුකළ සැකකරු මේ වන තෙක් හෙළි වී නැති අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට කොහුවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන බව සඳහන්.
මේ අතර රත්නපුර - කොළඹ මාර්ගයේ බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේදී මෝටර් රථයක් මාර්ගයේ ගමන් කළ පදිකයෙකුගේ ගැටී අනතුරක් සිදුව තිබෙන බව ද වාර්තා වේ.
එම අනතුරින් බරපතළ තුවාල ලැබූ පදිකයා රත්නපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය ප්‍රකාශ කළා.
