කමාන්ඩෝ සලින්තට T56 උණ්ඩ 260ක් විකිණලා තියෙන්නේ යුද හමුදා ලොක්කෙක්, අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කමාන්ඩෝ සලින්ත නමැත්තාට T56 උණ්ඩ අලෙවි කිරීමේ චෝදනාවට යුද හමුදා ලුතිනන් කර්නල්වරයෙකු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මඟින් අද (11) දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව අදාළ හමුදා නිලධාරියා අත්අඩංගුවට ගන්නා විට මුලතිව් හි පාලාවි යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරියා වශයෙන් සේවය කරමින් සිට ඇති බව වාර්තා වේ.
මේ අතර ඔහු ගණේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී වශයෙන් සේවය කළ සමයේ T56 උණ්ඩ 260ක් අවස්ථා දෙකක දී කමාන්ඩෝ සලින්තට රුපියල් ලක්ෂ 6.5කට අලෙවිකර ඇති බවට චෝදනා යොමුව ඇති බව ද වාර්තා වේ.
එසේම මීට අමතරව ඔහුට විරුද්ධව චෝදනා 02ක් ඇති බව ද පවසයි.
කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් හමුදා නිලධාරියා වැඩිදුර විමර්ශන වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිතව ඇත.