ට්‍රම්ප්ට යකා නගී ඊශ්‍රායල අගමැති නෙතන්යාහුට හොදටම දෙහි කපයි
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අතර දුරකතන ඇමතුමක් මගින් උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබේ.
දෝහා හි හමාස් නායකයින්ට එරෙහිව IDF විසින් ඉලක්ක කරගත් ප්‍රහාරයෙන් පසු අඟහරුවාදා අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමඟ කළ දුරකථන ඇමතුමකදී එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලය කටාර් රාජ්‍යයට නැවත පහර නොදෙන ලෙස ඉල්ලා සිටි බවත් ඒ ප්‍රහාරයට තමාගේ විරෝධතාවයත් ප්‍රකාශ කර ඇත.
"එය පිළිගත නොහැකිය. ඔබ එය නැවත නොකරන ලෙස මම ඉල්ලා සිටිමි," ට්‍රම්ප් නෙතන්යාහුට ඇමතුමේදී පැවසූ බව ආරංචි මාර්ග පවසයි. හමාස් නායකයන් කටාර් වෙත පැමිණ තිබුණේ ට්‍රම්ප්ගේ සටන් විරාම යෝජනාව පිළිබඳ සාකච්ඡා කිරීම වෙනුවෙන් නිසා ප්‍රහාරයත් සමඟ ට්‍රම්ප් තෙනන්යාහු පාලනය සම්බන්ධයෙන් දැඩි ලෙස කළකිරුණු බව මාධ්‍ය වාර්තාවේ දැක්වේ.
අමෙරිකාවේ ජ්‍යෙෂ්ඨ පරිපාලකයකු කරන ලද විශේෂ අනාවරණයක් සඳහන් කරන්නේ ‘මෙම ප්‍රහාරය කිසිසේත්ම බුද්ධිමත් තීරණයක් නොවන බව’ ට්‍රම්ප් තෙනන්යාහුට පවසා ඇති බවයි.
මෙම ප්‍රහාරය ඊශ්‍රායලයෙන් නොව, එක්සත් ජනපද හමුදාවෙන් තමා දැනගැනීම සම්බන්ධයෙන් ට්‍රම්ප් කෝපයට පත්ව ඇති බව ද එහි සඳහන්. ප්‍රහාරය එල්ල වී ඇත්තේ ගාසා යුද්ධය අවසන් කිරීම සඳහා සාකච්ඡාවෙ මැදිහත් වෙමින් සිටි එක්සත් ජනපදයේ තවත් මිත්‍ර රටක භූමියට බැවින් එය බරපතල තත්ත්වයක් බවද ට්‍රම්ප් පවසා තිබෙනවා.
ට්‍රම්ප්ගේ උපදේශකයින් ප්‍රහාරයෙන් කම්පනයට පත් වූ බවත් ට්‍රම්ප්ට නෙතන්යාහු සහ ඔහුගේ ඉහළම උපදේශක, උපායමාර්ගික කටයුතු අමාත්‍ය රොන් ඩර්මර් මෙම කාරණය හසුරුවන ආකාරය පිළිබඳව කනස්සල්ල පළ කළ බවත්, එය ඔහුගේ පෙර ධුර කාලය තුළ ට්‍රම්ප් සමඟ ආතතියට හේතු වූ හැසිරීම පිළිබඳ "අප්‍රසන්න මතක් කිරීමක්" ලෙස හැඳින්වූ බවත් සඳහන් කරයි.
