කවුද ලපයි සිපයි ලපයා කිව්වෙනම් ජනාධිපතිට එතකොට සිපයි කිව්වේ අපිටද පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්

Report

අද පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විරෝධතාවක් මත උණුසුම් තත්වයක් ඇති විය.

මෙම විරෝධයයට හේතුව වූයේ සභානායක බිමල් රත්නායක මහතා විසින් විපක්ෂ මන්ත්‍රීවරුන් ‘ලපයි සිපයි’ ලෙස ආමන්ත්‍රණය කිරීමත් සමගය.

හිමිනමක් මත්පැන් බීලා හරි ලයිසන් එකක් නැතුව ගිහින් ලංගම බස් රථයක හැප්පිලා

හිමිනමක් මත්පැන් බීලා හරි ලයිසන් එකක් නැතුව ගිහින් ලංගම බස් රථයක හැප්පිලා

බිමල් රත්නායක අමාත්‍යවරයාට එම වචන ඉවත් කර ගන්නා ලෙස විපක්ෂය ඉල්ලා සිටි නමුත් ඊට පිළිතුරු දක්වමින් විපක්ෂය නිතරම කතානායකවරයාට අසභ්‍ය වචන භාවිතා කරන නමුත් ඒවා කිසි විටෙකත් ආපසු නොගන්නා බවත් පළමුව එම වචන ඉල්ලා අස්කරගන්නා ලෙසත් පැවසුවේය.

එහිදී විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසුවේ සභානායකවරයා විසින් ජනාධිපතිවරයාටද අපහාස කරන බවයි.

මෙන්න කෙහෙල්බද්දර පද්මේ එක එක වමාරලා - උප පොලිස් පරීක්ෂකවරයෙකුත් සම්බන්ධයිලු

මෙන්න කෙහෙල්බද්දර පද්මේ එක එක වමාරලා - උප පොලිස් පරීක්ෂකවරයෙකුත් සම්බන්ධයිලු

ලපයා කිව්වේ ජනාධිපතිතුමාට සිපයි කිව්වේ අපිට’ යයි පැවසූ ඔහු ලපයි කවුද සිපයි කවුදැයි සභා නායකවරයා පැහැදිලි කළ යුතු බව පැවසුවේය.

කථානායකවරයා පැවසුවේ අදාළ වචන සභා වාර්තාවෙන් ඉවත් කරන ලෙස තමා නියෝග කළ අතර පාර්ලිමේන්තුවේ ඇතිවූ උණුසුම් තත්වය හේතුවෙන් සභාව විනාඩි දහයකට කල් තැබීමට කතානායකවරයා තීන්දු කලේය.

විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ හා සංචාරක පැමිණීම් පල්ලමට - මහ බැංකුව කියයි

විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ හා සංචාරක පැමිණීම් පල්ලමට - මහ බැංකුව කියයි