අහිංසක පොඩි කෙල්ලව බෙල්ලටම ඇනලා මැරුවා වුන දේ හිතාගන්නත් කලින් මැරිලා ඉවරයි
රැකියාව නිම කර දුම්රියෙන් නිවසට යමින් සිටි යුක්රේන සංක්‍රමණික තරුණියගේ බෙල්ලට පිහියෙන් ඇන මරා දැමීමේ වීඩියෝව මේ වන විට ලොව පුරා ජනතාවගේ හදවත් කම්පා කර ඇත.
අපරාධකරු ඩෙකාර්ලොස් බ්‍රවුන් ජූනියර් යුද සරණාගතයෙකු වූ වයස අවුරුදු 23ක ඉරීනා සරුට්ස්කා ඔහු ඉදිරිපිට වාඩි වී මිනිත්තු හතරකට පසුව පිහියෙන් ඇන මරා දැමීමේ චෝදනාවට ලක්ව ඇත.
සරුට්ස්කා සිද්ධිය වූ ස්ථානයේදීම මිය ගොස් ඇති බවත් සාක්ෂිකරුවෙකු සැකකරු සිටින ස්ථානයට නිලධාරීන් යොමු කළ බවත් වාර්තා වෙයි. 34 හැවිරිදි මෙම අපරාධකරු මින් පෙරම සොරකම් කිරීම සහ කඩා වැදීමේ චෝදනා ඇතුළු අපරාධ වලට වරදකරුවකු වේ.
ඔහු 2015 සිට භයානක ආයුධ පෙන්වා මංකොල්ලකෑම සම්බන්ධයෙන් වසර පහක් සිරගතව සිටි බව වාර්තා වේ.
