හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග දාපු අභියාචනයක් ඔහුම ඉල්ලා අස්කර ගෙන
තමන්ට නියම කර තිබෙන අත්හිටවූ සිර දඬුවම හා දඩ මුදල්වලින් තමන්ව නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනයක් ඒ මහතාගේ නීතිඥවරු විසින් ම අද (11) දින අභියාචනාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව අඳාළ අභියාචනය අද දින මායාදුන්නේ කොරයා, කුමාරන් රත්නම්, සශී මහේන්ද්‍රන්, දමිත් තොටවත්ත සහ අමල් රණරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවා ඇත.
එම අවස්ථාවේ දී ප්‍රසන්න රණතුංග මහතාට නියම කෙරුණු රුපියල් මිලියන 25ක දඩ මුදල කොටස් ආකාරයට ගෙවීමට කල් ලබා දුන් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉන්පසු එම අභියාචනය ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබා දී තිබෙනවා.
කෙසේ වෙතත් ප්‍රසන්න රණතුංග මහතාට මෙසේ චෝදනා එල්ල වී ඇත්තේ ඔහු බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩකිරීමට අවශ්‍ය කටයුතු ඉටු කරදීම වෙනුවෙන් ව්‍යාපාරිකයකුට තර්ජනය කර මුදල් ලබා ගැනීම සිද්ධියක් සම්බන්ධවයි.
