ආයේ දුරගමන් සේවා බස් රථ සහ වෑන් රථ එළවන්න නම් මේ සහතිකය අනිවාර්යයි
රටේ සියලුම දුර ගමන් බස් රථ සහ මගී ප්‍රවාහනයට යොදා ගන්නා වාහන ධාවනය ඇරඹීමට පැය 48කට පෙර මූලික තත්ත්ව පරික්ෂණයක් කිරීම අනිවාර්ය කිරීමට තීරණයක් ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව අමාත්‍ය බිමල් රත්නායක මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ මෙම තීරණය ප්‍රධාන සාධක හයක් මත පදනම්ව ගෙන ඇති බවයි.
එසේම කිලෝමීටර 100ට වැඩි දුරක් ගමන් කරන වාහන සඳහා පිටත්වීමට පෙර මෙම සහතිකය ලබා ගැනීම අනිවාර්‍ය බව ද පවසා ඇත.
එමෙන්ම බස් රථ පමණක් නොව විනෝද චාරිකා, විශේෂ චාරිකා සඳහා යන බස් රථ සහ මගීන් 10ක් 20ක් පමණ රැගෙන යන වෑන් රථ සඳහාද මෙම යෝග්‍යතා සහතිකය අනිවාර්‍ය බව ඔහු ප්‍රකාශ කර ඇත.
මේ අතර අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙම පරික්ෂාවන් මහා පරිමාණ පරීක්ෂාවන් නොව, ටයර්, දර්පණ සහ තිරිංග වැනි අත්‍යවශ්‍ය පරීක්ෂා කිරීම් මෙයට ඇතුළත් බවයි.
