සෞඛ්‍යයෙන් අනතුරු ඇඟවීමක්

Ministry of Health Sri Lanka Kids Office of Public Health Disease Sinhala news
By Kaushi Jun 26, 2025 04:00 AM GMT
Kaushi

Kaushi

Report

සෞඛ්‍ය අමාත්‍යාංශ‍යෙන් රටේ ළමුන් අතර බෝ නොවන රෝග වැළදීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බව ප්‍රකාශ කරයි.

ඒ ආහාර පරිභෝජනයේ පවතින ගැටලු නිසා බව එම අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ අධ්‍යක්ෂිකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ මොනිකා විජේරත්න මහත්මිය පවසයි.

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

ඒ මහත්මිය තවදුරටත් සඳහන් කළේ ළමුන් අතර දියවැඩියාව, අධික රුධිර පීඩනය ඇතුළු බෝ නොවන රෝග වැළදීමේ අවදානම ඉහළ ගොස් ඇති බවයි.

මේ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය මොනිකා විජේරත්න මහත්මිය පවසා ඇත.

"2024 ජාතික පෝෂණ මාසයට සමගාමීව එකතු කරපු දත්තවලට අනුව 1,4,7,10 වසරවල පාසල් දරුවන්ගේ 7%ක් ළමයින් වැඩි බරක් තියෙනවා. ඒ වගේම ගෝලීය සෞඛ්‍ය සමීක්ෂණය තුළින් 2024 වසරේ අවුරුදු 13 - 17ත් අතර දරුවන්ගේ ආහාර ගන්න පිළිවෙල සහ ඒ දරුවන් සම්බන්ධයෙන් කරලා තියෙන සමීක්ෂණ තුළින් හෙළිවෙලා තියෙනවා ස්ථූලභාවය 3%ක් විතර දරුවන් තුළ තියෙනවා. අධි බර 12%ක් විතර දරුවන් අතර දක්නට ලැබෙනවා. දරුවන්ගේ ආහාර රටාව ගැන අධ්‍යයනයක යෙදිලා තියෙනවා. ඒකෙන් අපි බැලුවහම 17%ක් විතර දරුවන්, පැණි බීම හා ඒ ආශ්‍රිත බීම වර්ග, ලුණු සහිත ආහාර වර්ග 28%ක් විතර දරුවෝ පාවිච්චි කරලා තියෙනවා.

ගුවන් තොටුපොළේදී කුඩා දරුවෙක් පොලේ ගහපු නරුමයෙක් අත්අඩංගුවට, සංවේදී දර්ශන සහිතයි

ගුවන් තොටුපොළේදී කුඩා දරුවෙක් පොලේ ගහපු නරුමයෙක් අත්අඩංගුවට, සංවේදී දර්ශන සහිතයි

ඒ කියන්නේ සමීක්ෂණය කරන සතියට කලින් සතියේ. අධික තෙල් සහිත ආහාර 28%ක් - 29%ක් විතර දරුවන් පරිභෝජනය කරලා තියෙනවා. ඒ වගේම අධික සීනි සහිත ආහාර 41%ක් දරුවන් පරිභෝජනය කරලා තියෙනවා. මේ දත්ත තුළින් අපිට පේනවා පාසල් දරුවන්ගේ ආහාර පරිභෝජන රටාව සුදුසු විදියට නෙමෙයි සිදුවන්නේ. මේ එක්කම දරුවන්ට අඩු වයසේදීම බෝ නොවන රෝග වන අධි රුධිර පීඩනය, දියවැඩියාව වැනි නොයෙක් රෝග වැළඳීමේ ප්‍රවණතාවයක් පවතිනවා."

මෙක්සිකෝ ආගමික උත්සවයේ උණුසුම - වෙඩි තැබීමකින් 12ක් මරුට

මෙක්සිකෝ ආගමික උත්සවයේ උණුසුම - වෙඩි තැබීමකින් 12ක් මරුට

එසේම වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ කාන්තාවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් ගෘහස්ථ හිංසනයට ලක්වන බවට ද හෙළිව ඇත.

මේ බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ දිනූෂා පෙරේරා මහත්මිය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා තිබෙනවා.  

ලාෆ් ගෑස් තොග අවසන් – බෙදාහැරීම් නතරවෙයි, ජනතාව පීඩාවට

ලාෆ් ගෑස් තොග අවසන් – බෙදාහැරීම් නතරවෙයි, ජනතාව පීඩාවට

ReeCha