දුන්නු දඬුවම නීතියට පටහැනි - විද්‍යා ඝාතනයේ දූෂකයන් අභියාචනා ඉදිරිපත් කරයි

Report

2015 වසරේ මාර්තු මස තුන්වෙනි දින පාසල් ගොස් ආපසු එමින් සිටියදී සිවලෝග නාදන් විද්‍යා නමැති දහ අට හැවිරිදි පාසල් සිසුවියක් පැහැරගෙන ගොස් දූෂණය කර මරා දැමීමේ සිදුවීමකට අදාළව අදාළ දූෂකයන් වූ ස්විස් කුමාර් ඇතුළු විත්තිකරුවන් හත් දෙනකුට යාපනය මහා අධිකරණය 2017 වර්ෂයේදී මරණීය දණ්ඩනය පණවනු ලැබීය.

නමුත් මෙම දඬුවමට යටත් වී සිටින විත්තිකරුවන් විසින් අභියාචනාවක් ඉදිරිපත් කර ඇති අතර එම අභියාචනාව විභාග කිරීම සඳහා නොවැම්බර් මස 06 වැනි දින කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

අද දින වාර්තා වූ රන් මිල මෙන්න

අද දින වාර්තා වූ රන් මිල මෙන්න

ප්‍රීති පද්මන් සුරසේන, අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම අභියාචනා කැඳවනු ලැබීය. මෙහිදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළ දෙමළ භාෂා පරිවර්තන ලබා ගැනීම සඳහා වසර හතර හමාරකට වැඩි කාලයක් ගත වූ බව පෙන්වා දුන්නේය.

ආණ්ඩුවේ සල්ලි ඉතුරු කරන්න මැති ඇමැතිවරු 45ක් ඉන්ධන දීමනාව එපා කියයි

ආණ්ඩුවේ සල්ලි ඉතුරු කරන්න මැති ඇමැතිවරු 45ක් ඉන්ධන දීමනාව එපා කියයි

ඒ අනුව මෙම අභියාචනා විභාගය සඳහා කෙටි දිනයක් ලබාදෙන ලෙස විත්තියේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. මෙහිදී අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා සඳහන් කළේ, මෙම අභියාචනා කඩිනමින් විභාග කිරීම සඳහා කෙටි දිනයක් ලබාදෙන බවය.

ඒ අනුව අදාළ අභියාචනා විභාගය සඳහා නොවැම්බර් මස 6 වන දා කැඳවන ලෙසත් විනිසුරු මඩුල්ල නියම කළේය.

විත්තිකරුවන්ට මරණීය දණ්ඩනය පනවා තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් ඔවුන්ට එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙසත් ඉල්ලා ඔවුන් සිය නීතිඥවරු මාර්ගයෙන් මෙම අභියාචනා පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබේ.  

අලි මදිවට කොටි කිව්වලු ඔන්න ලොකු සුළි කුණාටුවක් එනවලු ගුවන් ගමනුත් අත්හිටුවයි

අලි මදිවට කොටි කිව්වලු ඔන්න ලොකු සුළි කුණාටුවක් එනවලු ගුවන් ගමනුත් අත්හිටුවයි