සුවහසක් දෙනාගේ නොමද ආදරය දිනූ ජනප්‍රිය ටෙලිනාට්‍ය නළුවෙකු ජීවිතක්ෂයට..

By Piyumika Nov 09, 2024 03:49 AM GMT
Report

ඉන්දියාවේ ජනප්‍රිය ටෙලිනාට්‍ය නළුවෙකු වූ නිතින් චෞහාන් පසුගියදා (07) ඔහුගේ නිවසේදී මියගොස් සිටියදී සොයාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

35 හැවිරිදි ඔහුගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ පොලිසියට පවසා ඇත්තේ, පසුගිය වසර 3-4ක පමණ කාලය තුළ ඔහුට කිසිදු රැකියාවක් නොලැබුණු බවත්, එම නිසා ඔහු දැඩි මානසික පීඩනයකින් ජීවත් වුණ බවත්ය.

ශාරුක් ඛාන්ට ආ මරණ තර්ජනය ගැන කරුණු රැසක් එළියට..මෙහෙම කෙනෙක් කරා කියලා හිතන්නවත් බැහැ..

ශාරුක් ඛාන්ට ආ මරණ තර්ජනය ගැන කරුණු රැසක් එළියට..මෙහෙම කෙනෙක් කරා කියලා හිතන්නවත් බැහැ..

ඔහුට රැකියාවක් නොලැබුණු කාලය සීමාව තුළ ඔහු අයිස්ක්‍රීම් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට උත්සහ කළද එය සාර්ථක නොවූ බවටයි ඇය සඳහන් කරන්නේ.

ඔහු මිය ගිය දිනයේ ඔහුගේ බිරිඳ ඔවුන්ගේ බාල දියණිය සමග මහල් නිවාස සංකීර්ණයේ උද්‍යානයේ සිට ඇති අතර, ආපසු නිවසට පැමිණ ඔහුට කතා කළද ඔහු ප්‍රතිචාර දක්වා නොමැත.දොරගුළු කඩා නිවසට ඇතුළු වී කාමරයට ගිය අවස්ථාවේදී ඔහුගේ මළ සිරුර එහි තිබූ බව ඇය සඳහන් කරනවා.

මහල් නිවාසයක හොර රහසේම කරගෙන ගිය අපරාධයක් වටලයි ...

මහල් නිවාසයක හොර රහසේම කරගෙන ගිය අපරාධයක් වටලයි ...

සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් සැක කටයුතු කිසිවක් සොයාගෙන නොමැති අතර, වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කළේ.

MTV හි Splitsvilla 5, මෙන්ම Zindagi Dot Com, Crime Patrol සහ Friends වැනි කතා මාලාවනිහි ඔහු රංගනයෙන් දායක වී තිබෙනවා.

සමස්ත ලංකා පෞද්ගලික ඖෂධශාලා හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා සිදුකළ ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍යයි..

සමස්ත ලංකා පෞද්ගලික ඖෂධශාලා හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා සිදුකළ ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍යයි..

එමෙන්ම Dadagiri 2 රියැලිටි වැඩසටහන ජයග්‍රහණය කිරීමත් සමගයි ඔහු වඩාත් ප්‍රසිද්ධියට පත් වී ඇත්තේ.

තවද, ඔහු අවසන් වරට රංගනයෙන් දායක වී ඇත්තේ, Tera Yaar Hoon Main නම් කතා මාලාවෙයි.

GalleryGallery