මිය ගිය නිළි රැජින වෙනුවෙන් පාර්ලිමේන්තු විවාදයක්

Report

දශක ගණනාවක් කලා කෙත වෙනුවෙන් සිය ජීවිතයම කැප කළ ආදරණීය රංගන ශිල්පිනියක් හෝ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මිය පසුගියදා ජීවන ගමනට සමුදුන්නා.ඇය ජීවිතෙන් සමු ගත්තත් ඇයගේ මතක තාමත් අමරණීයයි.

හිටපු මෝටර් රථ කොමසාරිස් ඇතුළු සැකකරුවන්ට ඇප

හිටපු මෝටර් රථ කොමසාරිස් ඇතුළු සැකකරුවන්ට ඇප

ඒ අනුව ශ්‍රී ලාංකේය සිනමාවේ නිළි රැජිණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි මාලනී ෆොන්සේකා මහත්මිය පිළිබඳ ශෝක යෝජනා විවාදයක් පාර්ලිමේන්තුවේදී ලබන 25 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (8)තීරණය කළේය.

මීට අමතරව අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආර්. සම්පන්දන්, අබේරත්න බණ්ඩාර හේරත් පිලපිටිය, ඩබ්.බී ඒකනායක සහ ලකී ජයවර්ධන යන මහත්වරුන් පිළිබඳ ශෝක යෝජනා විවාදද එදින පැවැත්වේ. විවාදය එදින පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා පැවැත්වීමට නියමිතය. මාලනී ෆොන්සේකා මහත්මිය පසුගිය මැයි මස 23 වැනිදා අභාවප්‍රාප්ත වූවාය. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ඇය මිය යනවිට 78 වැනි වියේ පසුවූවාය.

ඇමෙරිකාවේ මියගිය ගණන 100 ඉක්මවයි

ඇමෙරිකාවේ මියගිය ගණන 100 ඉක්මවයි