වහාම දැනුවත් වෙන්න.. ප්‍රදේශ කිහිපයකම මේ දෙය වෙලා.. ජනතාවටයි මෙන්න මේ දැනුම්දීම..
ව්‍යාපාරිකයන්ට දුරකතන ඇමතුම් ලබා දෙමින් මුදල් වංචා කිරීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු ලැබී ඇත.
ඒ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වමින් ඒ මහතා පැවසුවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පොලිස් නිලධාරීන් සහ වෙනත් රාජ්‍ය නිලධාරීන් ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයන්ට දුරකතන ඇමතුම් ලබාදී මුදල් වංචා කිරීමේ සිද්ධින් කීහිපයක් මේ වන විට වාර්තා වී ඇති බව ය.
පසුගිය කාලයේ ද මේ ආකාරයට විවිධ ව්‍යාපාරිකයන්ට මෙන්ම පුද්ගලයන්ට දුරකතන ඇමතුම් ලබාදී මුදල් වංචා කිරීමේ සිද්ධීන් වාර්තා වී තිබෙනවා.
එමෙන්ම, නැවත වතාවක් එම ක්‍රියාව දිවයිනේ ස්ථාන කීපයක ක්‍රියාත්මක වන බවට මේ වන විට තොරතුරු ලැබී ඇති බැවින් ජනතාව සැලකිලිමත් විය යුතු බවයි ඒ මහතා සඳහන් කළේ ය.