අහිංසක රෝගියෙක් වෛද්‍ය­ව­ර­යකුට කරපු දෙයක්..

Sri Lanka Police Anuradhapura Sri Lanka
By Piyumika Oct 19, 2024 03:57 AM GMT
Piyumika

Piyumika

Report

අහිං­සක රෝගි­යකු ලෙස ප්‍රති­කාර ලබා­ගැ­නී­මට පැමිණ, අනු­රා­ධ­පුර ශික්ෂණ රෝහලේ විශේ­ෂඥ වෛද්‍ය­ව­ර­යකු රවටා, නිධා­න­ය­කින් ගොඩ­ගත් බව කියන මැණි­ක් හා රන්කාසි තොග­යක් එම වෛද්‍ය­ව­ර­යාට විකුණා රුපි­යල් ලක්ෂ 45ක මුද­ලක් රැගෙන ගිය මහා පරි­මාණ සංවි­ධා­නා­ත්මක කොල්ල කල්ලි­යක එක් සාමා­ජි­ක­යකු එම රන්කාසි සහ මැණික් ගල්ව­ලින් කොට­සක් සමඟ අත්අ­ඩං­ගු­වට ගත් බව අනු­රා­ධ­පුර කොට්ඨාස අප­රාධ විම­ර්ශන අංශය පව­සයි.

මෙලෙස අත්අ­ඩං­ගු­වට පත්ව ඇත්තේ ගලෙ­න්බි­ඳු­ණු­වැව ප්‍රදේ­ශයේ පදිංචි හැට හැවි­රිදි ගොවි­යෙකි. රුපි­යල් ලක්ෂ 45ක මුදල් කොල්ලකා මේ ප්‍රදේ­ශය මඟ­හැර ගොස් සැඟව සිටින ගලෙ­න්බි­ඳු­ණු­වැව, ගැට­ලාව, කොකා­වැව ප්‍රදේ­ශයේ පදිංචි ජ්‍යොති­ෂ­වේ­දි­යකු , ආයු­ර්වේද වෛද්‍ය­ව­ර­යකු ලෙස කට­යුතු කරන පුද්ග­ල­යකු ඇතුළු දෙදෙ­නකු අත්අ­ඩං­ගු­වට ගැනී­මට නිය­මිත බව පොලි­සිය කියයි.

ගුණයි කියලා ඔයත් ගත්තද..එහෙනම් බලාගෙන..

ගුණයි කියලා ඔයත් ගත්තද..එහෙනම් බලාගෙන..

මෙම විශේ­ෂඥ වෛද්‍ය­ව­ර­යාගේ මුදල් කොල්ලකා පලා යාමෙන් අන­තු­රුව, යළිත් වරක් වෙනත් පුද්ග­ල­ය­කුට රන්කාසි සහ මැණික් ගල් විකි­ණී­මට යන බවට ලද තොර­තු­ර­කට අනුව ගැනු­ම්කරු ලෙස පොලිස් උපාය දූත­යකු යොදවා, එක් සැක­ක­රු­වකු අත්අ­ඩං­ගු­වට ගැනී­මට හැකිවූ බව අනු­රා­ධ­පුර කොට්ඨාස අප­රාධ විම­ර්ශන අංශය පව­සයි.

රෝගී තත්ත්ව­යක් සඳහා ප්‍රති­කාර ලබා­ගැ­නී­මට පැමිණි දුප්පත් ගොවි­යෙකු ලෙස පෙනී සිටි මෙම සංවි­ධා­නා­ත්මක අප­රාධ කල්ලියේ එක් සාමා­ජි­ක­යෙකු වෛද්‍ය­ව­රයා නොමඟ යවා හිත­ව­ත්ක­මක් ඇති කර­ගෙන සූක්ෂ්ම එම වෛද්‍ය­ව­රයා ගලෙ­න්බි­ඳු­ණු­වැව ප්‍රදේ­ශ­යට ගෙන්වා­ගෙන මෙම ගනු­දෙ­නුව සිදු කර ලක්ෂ 45ක මුදල සැක­ක­රු­වන් ලබා­ගෙන ඇති බව පොලි­සිය කියයි.

ඝාතනයක් කර පලාගිය සැකකාරියක් අත්අඩංගුවට ..

ඝාතනයක් කර පලාගිය සැකකාරියක් අත්අඩංගුවට ..

එම මැණික් ගල් සඳහා වශි­යක් කිරී­මට, එයට ආර­ක්ෂා­වක් (සාත්තු­වක්) යෙදිය යුතු බව පවසා, ඒවා ‘ජීවම්’ කිරීමේ කට­යුතු සිදු කර සති­ය­කින් ලබා­දෙන බවට පවසා, එම රන්කාසි සහ මැණික් වෛද්‍ය­ව­ර­යා­ගෙන් යළි ලබා­ගෙන ඇති සැක­ක­රු­වන් සති­ය­කින් පසු දුර­ක­ත­න­ව­ලට ප්‍රති­චාර නොදැ­ක්වීම හේතු­වෙන් සිද්ධි­යට මුහුණ පෑ වෛද්‍ය­ව­රයා මෙම පැමි­ණිල්ල සිදු කර ඇති බව පොලි­සිය කියයි.

මෙම රන් කාසි සහ මැණික් නිධා­න­ය­කින් ගොඩ­ගත් ඒවා බව, තමන් පසුව දැන ගත් බවත් වෛද්‍ය­ව­ර­යකු ලෙස තමන් එවැනි වැරදි ක්‍රියා­ව­ලට සම්බන්ධ වීමට අක­මැති බවත් යළි එම මුදල් ඉල්ලා දෙන ලෙස­ටත් පවසා මෙම පැමි­ණිල්ල ඉදි­රි­පත් කර තිබූ බව පොලි­සිය වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.

ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් කප්පන් ගන්නා කල්ලියක්..සුප්‍රසිද්ධ නළුවෙකුටත් මරණ තර්ජන කරලා..

ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් කප්පන් ගන්නා කල්ලියක්..සුප්‍රසිද්ධ නළුවෙකුටත් මරණ තර්ජන කරලා..

මේ සම්බ­න්ධ­යෙන් අත්අ­ඩං­ගු­වට ගත් සැක­කරු සතුව තිබූ රන්කාසි සහ මැණික් ගල් ව්‍යාජ ඒවාද නැති­නම් නිධා­න­ය­කින් ගොඩ­ගත් රන් කාසිද යන්න නිශ්චි­ත­වම දැන­ගැ­නීම සඳහා පුරා­විද්‍යා වාර්තා­වක් ලබා­ගැ­නී­මට නිය­මි­තව තිබූ බව පොලි­සිය පව­සයි.

අත්අ­ඩං­ගු­වට ගත් සැක­කරු අනු­රා­ධ­පුර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තව තිබුණි.

අනු­රා­ධ­පුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි තිළිණ හේවා­ප­ති­රණ මහ­තාගේ උප­දෙස් මත, අනු­රා­ධ­පුර කොට්ඨාස අප­රාධ විම­ර්ශන අංශයේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක චමින්ද ගුණ­සේ­කර, පොලිස් සැර­ය­න්ව­රුන් වන බණ්ඩාර (48317), නිශාන් (61406), සමන් (71544), මදු­ශාන් (88901), යන නිල­ධා­රීහු මෙම වැට­ලීම සිදු කළහ.