ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් කප්පන් ගන්නා කල්ලියක්..සුප්‍රසිද්ධ නළුවෙකුටත් මරණ තර්ජන කරලා..

By Piyumika Oct 19, 2024 02:26 AM GMT
Report

ඉන්දීය රුපියල් කෝටි 5ක මුදලක් ලබාදෙන ලෙස ඉල්ලා මෙලෙස සල්මන් ඛාන්ට මරණ තර්ජන එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

සල්මන් ඛාන්ගේ නිවාස සංකීර්ණය ඇති ප්‍රදේශය භාර රථ වාහන පොලිසියේ වට්ස්ඇප් අංකයකට එම මරණ තර්ජනය සහිත පණිවුඩය එවා ඇත්තේ ලෝරන්ස් බිෂ්නෝයි නම්න් හැඳින්වෙන මැර කල්ලිය විසින්.

වැඩබලන OICට මාසපතා අමතර පඩියක් දෙන්න ගිය අයෙක්ට සිදුවූ දේ..

වැඩබලන OICට මාසපතා අමතර පඩියක් දෙන්න ගිය අයෙක්ට සිදුවූ දේ..

එම කල්ලිය පවසන්නේ සල්මන් ඛාන් සමඟ ඇති ගැටුම අවසන් කිරීමට නම් අදාළ කම්පම් මුදල ලබාදිය යුතු බවයි.

ලෝරන්ස් බිෂ්නෝයි කල්ලිය විසින් සල්මන් ඛාන්ගේ සමීපතම මිතුරෙකු හා එන් සී පී දේශපාලඥයෙකු වු බාබා සිද්ධික් ද පසුගිය සතියේ දී වෙඩි තබා ඝාතනය කර තිබුණි.

ආන්දෝලනාත්මක ඝාතන නඩුවක ගොනුව නීතිපති දෙපාර්තමේන්තු වසා දමයි...

ආන්දෝලනාත්මක ඝාතන නඩුවක ගොනුව නීතිපති දෙපාර්තමේන්තු වසා දමයි...

අදාළ මුදල ලබාදීමට සල්මන් ඛාන් අපොහොසත් වුවහොත් බාබා සිද්ධික්ට අත්වු ඉරණමටත් වඩා භයානක ඉරණමකට මුහුණදීමට සිදුවනු ඇති බවයි අදාළ පණිවුඩය හරහා අනතුරු අගවා තිබෙනවා.

පසුගිය කාලයේ දී සල්මන් ඛාන්ට එල්ල වු මරණ තර්ජන හේතුවෙන් ඔහුගේ ආරක්ෂාව දැඩි කිරීමටයි පොලිසිය කටයුතු කර තිබුණේ.