ඝාතනයක් කර පලාගිය සැකකාරියක් අත්අඩංගුවට ..

By Piyumika Oct 19, 2024 03:45 AM GMT
Report

කාන්තාවක් ඝාතනය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය පවසයි.

පසුගිය සැප්තැම්බර් මස වැලිවේරිය, ඇඹරලුව දකුණ ප්‍රදේශයේ වයස අවුරුදු 58ක කාන්තාවක් ඝාතනය කිරීමේ අපරාධයට අදාළව වැලිවේරිය පොලීසිය විසින් සිදුකළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස මෙම අත්අඩංගුවට ගැනීමට සිදුකර ඇත.

නවසීලන්තය හා දකුණු අප්‍රිකාව T20 ලෝක කුසලාන අවසන් සටනට

නවසීලන්තය හා දකුණු අප්‍රිකාව T20 ලෝක කුසලාන අවසන් සටනට

මෙම ඝාතනයට අදාළව පලාගොස් සිටි දෙවන සැකකාරිය මැය වන අතර, ඇය ඊයේ බැලුම්මහර ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්වන විට අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 600ක්ද තිබී සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 22ක් වන කලු බෝවිටියාන ප්‍රදේශයේ පදිංචිකාරියක් බව වැලිවේරිය පොලීසිය පවසයි