කලබල වුනු පාර රියදුරු බලපත්‍රය ගිල්ල හිටපු පොලිස් නිල දරුවා..

By Piyumika Nov 20, 2024 05:55 AM GMT
Report

රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය කියයි.

සැකකරු සන්තකයේ තිබි තාවකාලික රියදුරු බලපත්‍ර 2 ක් තිබී පොලිස් භාරයට ගෙන ඇත.

අලුයම වැස්සත් එකක්කම ගෙට ගොඩ වූ පාසල් සිසුවාගේ මාරයා..

අලුයම වැස්සත් එකක්කම ගෙට ගොඩ වූ පාසල් සිසුවාගේ මාරයා..

මෙම සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු පුද්ගලයකුට ලබා දී තිබූ තාවකාලික රියදුරු බලපත්‍රයක් ඔහුගෙන් උදුරා ගෙන මුව තුළට දමා ඉරා විනාස කර තිබූ බවද පොලිසිය සඳහන් කරයි.

බොරලැස්ගමුව වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අසල දි වංචාකාරී පුද්ගලයෙක් අල්ලාගෙන සිටින බවට බොරලැස්ගමුව පොලිසියට ලද තොරතුරක් අනුව පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසියය කියයි.