රජයෙන් ඊශ්‍රායලට යන්න චාන්ස් එකක්

Report

2025 වසරේ ජනවාරි සිට මේ දක්වා ගතවූ කාලය තුළදී ශ්‍රි ලාංකිකයින් 692 කු සඳහා ඊශ්‍රායලයේ හෝටල් ගෘහපාලන හා පවිත්‍රතා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබේ.

මොහුව දන්නවනම් පොලිසියට කියන්න

මොහුව දන්නවනම් පොලිසියට කියන්න

ඊශ්‍රායලයේ හෝටල් ගෘහපාලන හා පවිත්‍රතා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවූ 5 වන කණ්ඩායමට අයත් රැකියා ලාභීන් 177 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ලබාදීම අද දින (2025.05.16) ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වැඩබලන සභාපති ජානක අධිකාරී මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්යාංශයේදී සිදුකරන ලදී.

එම පිරිස මැයි මස 19 හා 20 යන දිනයන්හීදී ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතයි. ඊශ්‍රායලයේ හෝටල් ගෘහපාලන හා පවිත්‍රතා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවන්නේ ඊශ්‍රායලය හා ශ්‍රි ලංකා රජය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමක් අනුව වන හෙයින් එම රැකියා ලබාගැනීම සඳහා වෙනත් පාර්ශවයන් වෙත මුදල් ලබාදීමෙන් වලකින මෙන් කාර්යාංශය රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.

ජපන් වාහන ගණන් උස්සයි

ජපන් වාහන ගණන් උස්සයි