මොහුව දන්නවනම් පොලිසියට කියන්න

By Hashini May 17, 2025 04:02 AM GMT
Report

සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතනවා.

මෙම සැකකරු සහ සැකකාරිය වාහන විකුණුම් දැන්වීම් පළකර පුද්ගලයින් රවටා මුදල් වංචාකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

හේවා දේවගේ සංජීව උපුල් විජේරත්න - ජාතික හැඳුනුම්පත් අංක 751752024v

රණසිංහ හෙට්ටිආරච්චිගේ දිස්නා ඉරෝශනී රණසිංහ - ජාතික හැඳුනුම්පත් අංක 838491553v නමත්තියද මෙම මුදල් වංචාවට සම්බන්ධ වනවා.

සැකකරු සහ සැකකාරිය පදිංචි නිශ්චිත ස්ථානයක් පිළිබඳව අනාවරණය කර ගැනීමට පොලිසිය තවමත් හැකියාව ලැබී නැහැ.

පොලිසිය මහජනතාවට දැනුම් දෙන්නේ, මොවුන් සම්බන්ධයෙන් තොරතුරක් ඇත්නම් පහත දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙසයි.

071-8594911 / 011-2398572 / 011-2320140 / 011-2320145