කොළඹ ඇති නිවාස සංකීර්ණ ගැන තිත්ත ඇත්තක් එළියට - නිවාස සංවර්ධන අධිකාරිය හෙළි කරයි
නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයට අනුව, කොළඹ පිහිටි නිවාස සංකීර්ණවලින් සියයට 40ක් වසර 40කට වඩා පැරණි ඒවා වේ.
කොළඹ නගර සීමාව තුළ නිවාස සංවර්ධන අධිකාරිය මගින් පාලනය වන නිවාස සංකීර්ණ 96ක් පවතින බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි.
අබලන් තත්ත්වයේ පවතින එම නිවාස සංකීර්ණ ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙමින් පවතින බව ඔහු සඳහන් කරයි.
පවතින ඇතැම් නිවාස සංකීර්ණ වෙනුවට නව නිවාස සංකීර්ණ ඉදිකිරීම පිළිබඳව ද අවධානය යොමු වෙමින් පවතින බව නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.