ඉදිරි පැය 36ට වලංගුවන පරිදි කාලගුණ නිවේදනයක්

Report

ඉදිරි පැය 36 සඳහා බලපැවැත්වෙන පරිදි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කාලගුණ නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයේ දැක්වෙන පරිදි, නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව සඳහන් වේ.

ඒ අනුව අද රාත්‍රී කාලයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇති වේ. ඊට අමතරව උතුරු සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර හෙට දිනයේ කාලගුණ සම්බන්ධයෙන් එම නිවේදනයේ දැක්වෙන්නේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බවය. නැගෙනහිර සහ සහ මධ්‍යම පළාත්වලත් බදුල්ල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

මේ පැති තවත් අවදානම් - නායයෑම් අනතුරු ඉදිරියටත්

මේ පැති තවත් අවදානම් - නායයෑම් අනතුරු ඉදිරියටත්

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇති විය හැකි බව සඳහන්.

ඒ වගේම සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

ඇවෙන්රා බත්වල පණුවෝ හිටිය කියන එක ඇත්ත, හෝටල් පාලනාධිකාරිය නෑ කියයි - නුවන්ගි නැවත ශපථ කරයි

ඇවෙන්රා බත්වල පණුවෝ හිටිය කියන එක ඇත්ත, හෝටල් පාලනාධිකාරිය නෑ කියයි - නුවන්ගි නැවත ශපථ කරයි