ත්‍රිවිධ හමුදාවෙන් පැන ගිය 3000කට වැඩ වරදීයි
ත්‍රිවිධ හමුදා සේවයෙන් පලාගිය නිලධාරීන් ඇතුළු සෙබළුන් 2,983 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේ පසුගිය පෙබරවාරි මස 22වනදා සිට මැයි මාසයේ 30 දක්වා කාලය තුළ සිදුකළ මෙහෙයුම්වල දී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.
මෙලෙස අත්අඩංගුවට ගත් සෙබළුන් අතර යුද හමුදාවේ 2,261ක්, නාවික හමුදාවේ 194ක්, ගුවන් හමුදාවේ 198ක් සිටිනවා.
ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය මීට අමතරව ශ්‍රී ලංකා පොලීසිය විසින් ද එළෙස පලාගිය සෙබළුන් හා නිලධාරීන් 330 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.