රෝගය ව්‍යාප්තවෙයි – පැතිරෙන ප්‍රදේශ හඳුනාගැනීම අපහසුයි

Report

චිකුන්ගුන්‍යා බෝවන රෝග ගණයට අයත් නොවන නිසා, එම රෝගය පැතිර යන ප්‍රදේශ හඳුනා ගැනීමට සහ නිවාරණ කටයුතු සිදු කිරීමට බාධාවක් ඇති වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ,

කෝටි දහයක් ශාසනයට පුජාකළ කෝටිපතියා

කෝටි දහයක් ශාසනයට පුජාකළ කෝටිපතියා

"චිකුන්ගුන්‍යා රෝගීන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වන බවට අවිධිමත් තොරතුරු ලැබී තිබෙනවා. කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස කීපයකින් රෝගීන් අධික ලෙස වාර්තා වන බව අපගේ නිරීක්ෂණවලට අනුව පෙනී යනවා. නමුත් චිකුන්ගුන්‍යා නීරෝධායන ආඥා පනත යටතේ දැනුම් දිය යුතු බෝවන රෝගයක් ලෙස නම් කර නැත. බෝවන රෝගයකින් පෙළෙන රෝගියෙකු ප්‍රතිකාර සඳහා පැමිණෙන්නේ නම්, වෛද්‍යවරුන් ඔවුන් නිවාරණ අංශ වෙත යොමු කළ යුතුයි. එහෙත්, චිකුන්ගුන්‍යා රෝගීන් සම්බන්ධයෙන් මෙතෙක් එවැනි ක්‍රියාදාමයක් සිදු වී නැත. එම නිසා, නිවාරණ අංශවලට චිකුන්ගුන්‍යා රෝගයේ ව්‍යාප්තිය පිළිබඳ නිවැරදි තොරතුරු ලබා ගැනීමට බාධා ඇති වී තිබෙනවා."

නැන්දගේ මළ කඳත් විකුණන් කෑවා කිව්වා.. නැන්දා වෙනුවෙන් කරපු දේ ගැන සමනලී කට අරී

නැන්දගේ මළ කඳත් විකුණන් කෑවා කිව්වා.. නැන්දා වෙනුවෙන් කරපු දේ ගැන සමනලී කට අරී

"කෙසේ වෙතත්, මීට දින කීපයකට පෙර වසංගත රෝග විද්‍යා අංශය විසින් රෝහල්වලට ලිඛිතව දැනුම් දී තිබුණා, ප්‍රතිකාර සඳහා පැමිණෙන යම් පුද්ගලයෙකු චිකුන්ගුන්‍යා රෝගියෙකු ලෙස හඳුනා ගන්නේ නම්, ඒ පිළිබඳ නිවාරණ අංශය දැනුවත් කරන ලෙස. එහෙත්, තවමත් විධිමත් ලෙස තොරතුරු නොලැබීම නිසා, චිකුන්ගුන්‍යා රෝගය ව්‍යාප්ත වන ප්‍රදේශ හඳුනා ගැනීමට හෝ නිගමනයකට එළැඹීමට හෝ අපට නොහැකි වී තිබෙනවා."

කොවිඩ් යළි සීඝ්‍ර ව්‍යාප්තියක

කොවිඩ් යළි සීඝ්‍ර ව්‍යාප්තියක

"විධිමත් ක්‍රමවේදයක් නොමැති වුවත්, ඩෙංගු මදුරුවන් පාලනය කිරීම සඳහා භාවිත කරන ක්‍රමවේද හරහා, නිවාස පරීක්ෂා කිරීම් සහ මදුරු ඝනත්වය අවම කිරීමට අවශ්‍ය කටයුතු බිම් මට්ටමේ සෞඛ්‍ය නිලධාරීන් මේ වන විටත් සිදු කරමින් සිටිනවා," යනුවෙන් සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

අනේ දෙයියනේ...කෝවිලේදීම සිසුවියන් දෙන්නෙක් මිය ගිහින්

අනේ දෙයියනේ...කෝවිලේදීම සිසුවියන් දෙන්නෙක් මිය ගිහින්