මතීෂ හා සමාන ක්‍රීඩකයෙක් හදිසියේම ගෙන්නයි..හේතුව මෙන්න..

Report

ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි තරගය බංග්ලාදේශය සමග අනිද්දා ඩලස් හීදී පැවැත් වීමට නියමිතව තිබෙනවා.

මේ අතරම ශ්‍රී ලංකාව හමුවට එන බංග්ලාදේශ කණ්ඩායමට වේග පන්දු යවන්නන් දෙදෙනෙකු අහිමි වීමේ අවධානමකට ලක් ව තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ ටස්කින් අහමඩ් සහ ශෝරිෆුල් ඉස්ලාම් යන ක්‍රීඩකයින් දෙදෙනා බවයි පැවසෙන්නේ.

20T ඉදිරි ශ්‍රී ලංකා තරඟ ගැන මැතිව්ස් ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..

20T ඉදිරි ශ්‍රී ලංකා තරඟ ගැන මැතිව්ස් ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..


දෙදෙනාම ආබාධයකට ලක් වීම හේතුවෙන් මෙම තත්ත්වය හට ගෙන ඇතැයි සැලකේ.

කෙසේ නමුත් ටස්කින් අහමඩ් සුව අතට පත් වෙමින් සිටින බවට වාර්තා පළ වුණත් තවමත් ඔහු මෙම තරගයට සහභාගී වනවාද යන්න නිල වශයෙන් ප්‍රකාශ කර නොමැති බවයි පැවසෙන්නේ.

මේ අතර, බංග්ලාදේශ කණ්ඩායමේ කළමනාකාරීත්වය ප්‍රකාශ කර තිබෙන්නේ, ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණගේ සම්බන්ධයෙන් බංග්ලාදේශ පුහුණු සැසිවලදී විශේෂ අවධානයක් ලබා දෙන බවටයි.

17ත් හැවිරිදි තරුණ යුවලක් මහ රෑ දිය ඇල්ලකින් පහලට පනී..අනතුරුව සිදු වූ දේ මෙන්න..

17ත් හැවිරිදි තරුණ යුවලක් මහ රෑ දිය ඇල්ලකින් පහලට පනී..අනතුරුව සිදු වූ දේ මෙන්න..


ඒ අනුව මතීෂගේ පන්දු යැවීමට සමානව පන්දු යවන ක්‍රීඩකයකු පුහුණු වීම් සඳහා ගෙන්වා ගැනීමටද බංග්ලාදේශ පුහුණුකරුවන් කටයුතු යොදා ඇති බවටයි වාර්තා වන්නේ.