17ත් හැවිරිදි තරුණ යුවලක් මහ රෑ දිය ඇල්ලකින් පහලට පනී..අනතුරුව සිදු වූ දේ මෙන්න..

CID - Sri Lanka Police Accident Polio
By Aruna Jun 05, 2024 10:36 PM GMT
Aruna

Aruna

Report

ප්‍රේම සම්බන්ධයට නිවසින් අකමැති වුණැයි උරණ වූ දාහත් හැවිරිදි යුවළක් රම්බොඩ ගැරඬි ඇල්ලෙන් පහළට පැන සියදිවි නසාගැනීමට ගත් උත්සහායක් ප්‍රදේශවාසීන් විසින් බේරාගැනීම නිසා ව්‍යාර්ත වී තිබෙනවා.

මෙම සිදුවීම පෙරේදා රාත්‍රියේ සිදුව තිබෙන අතර දිය ඇල්ලෙන් පහළට ඇදවැටී සිටි මේ පෙම් යුවළ ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන පුස්සැල්ලාව රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ඔවුන්ව වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පොළ රෝහල වෙත මාරු කර යවා ඇත.

සිංහ, ධනු, කුම්භ සහ මීන ලග්න වල අය අද ඉතාමත් කල්පනාකාරීව කටයුතු කරන්න..නැතිනම් වෙන දේ මෙන්න..

සිංහ, ධනු, කුම්භ සහ මීන ලග්න වල අය අද ඉතාමත් කල්පනාකාරීව කටයුතු කරන්න..නැතිනම් වෙන දේ මෙන්න..


මෙලෙස සියදිවි නසා ගැනීමට උත්සහා දරා ඇත්තේ පුස්සැල්ලාව රොච්චයිල්ඩ් වත්ත හා පෙරට්ඨාසි මේමලේ කොටසේ පදිංචි දාහත් හැවිරිදි යුවළක් බවටයි වාර්තා වන්නේ.

මොවුන් බොහෝ කලක සිට පෙම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර එම සම්බන්ධතාවට තරුණියගේ නිවසින් දැඩි විරෝධයක් එල්ල වී ඇති අතර ඒ අනුව තරුණිය තම පෙම්වතාට දුරකථනයෙන් දැනුම් දී ඇත්තේ ගෙදරින් විරුද්ධ නිසා තමා සිය දිවි හානිකර ගැනීමට යන බවයි.

එයට ප්‍රතිචාර දක්වා ඇති පෙම්වතාද තීරණය කර ඇත්තේ පෙම්වතිය හා තමාද සියදිවි නසා ගැනීමටයි.

ඒ අනුව මේ දෙදෙනා පෙරේදා (4වැනිදා) දින නිවෙස්වලින් පිටවී පුස්සැල්ලාව නගරයේදී හමුවී එදින රාත්‍රි වන තුරු කාලය ගත කර තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවන ලොකු අසාධාරණයක් ගැන විශේෂ හෙළිදරව්වක්..

ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවන ලොකු අසාධාරණයක් ගැන විශේෂ හෙළිදරව්වක්..


මොවුන් අලුයමදී රම්බොඩ ගැරඬි ඇල්ල ප්‍රදේශයට ගොස් එම දිය ඇල්ලේ ඉහළට පියමංකර එහිද කාලය ගත කර මෙසේ දිය ඇල්ලෙන් පහළට පැන තිබෙන බවට වාර්තා වන්නේ.

දිය ඇල්ලෙන් පහළට පැන්න තරුණයාට තුවාල සිදුව තිබූ අතර ඔහු දිය ඇල්ලෙන් ඉතා අපහසුවෙන් ඉහළට පැමිණ අවට ප්‍රදේශවාසීන්ට සිද්ධිය පවසා ඇත.

ප්‍රදේශවාසීන් දිය ඇල්ලෙන් පහළට බැස තරුණිය සොයාගෙන ඇති අතර බරපතළ තුවාල ලබා සිටි ඇය ගොඩටගෙන දෙදෙනාම රෝහල් ගත කර තිබෙනවා.

හිස පැළී තුවාල ලැබ සිටි තරුණිය අසල සාත්තුවට තරුණයාගේ මව සිටින අතර ඇගේ නිවසේ අය ඊයේ දහවල් වන විටත් පැමිණ සිට නැති බවයි පොලිසිය පැවසුවේ.

මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කොත්මලේ පොලිසිය විසින් සිදුකරනු ලබයි.