20T ඉදිරි ශ්‍රී ලංකා තරඟ ගැන මැතිව්ස් ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..

Cricket Sri Lanka Cricket Bangladesh Cricket Team 2024 T20 World Cup Cricket Tournament ICC Men
By Aruna Jun 06, 2024 03:28 PM GMT
Aruna

Aruna

Report

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි තරගය අනිද්දා බංග්ලාදේශයට එරෙහිව අමෙරිකාවේ ඩලස්හිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඇන්ජලෝ මැතිව්ස් පැවසුවේ, ශ්‍රී ලංකා පිල අද සිය පළමු පුහුණු සැසියට සහභාගී වූ බවත්, ක්‍රීඩාංගණයේ තණතීරු ඉතා දුර්වල මට්ටමක පවතින බවයි.

විශේෂ රජයේ නිවාඩුවක් ලෙස හෙට පලාත් 02කට අයත් පාසල් සඳහා නිවාඩු දෙයි..එම ප්‍රදේශ මෙන්න..

විශේෂ රජයේ නිවාඩුවක් ලෙස හෙට පලාත් 02කට අයත් පාසල් සඳහා නිවාඩු දෙයි..එම ප්‍රදේශ මෙන්න..


2008 දී බේස්බෝල් ක්‍රීඩාංගණයක් ලෙස ඉදිකර පසුව 2023 ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ලෙස සංවර්ධනය කෙරුණු ඩලස් හි ග්‍රෑන්ඩ් ප්‍රෝරි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තුන්වන ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරගය බවයි පැවසෙන්නේ.

එම තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද සිය පළමු පුහුණු සැසියට සහභාගී වූ අතර එය පැය හතරහමාරක පමණ කාලයක් පැවැත්විය.

එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පන්දු රැකීමේ සැසියකට මෙන්ම පිතිකරණ සැසියකයට ද එක්ව තිබුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම පිතිකරණ පුහුණු සැසියකට සහභාගී වූයේ දින 10කට පමණ පසුව වීම ද විශේෂතවයක්.

ඒ මැයි 27 වනදාට පසු පිතිකරණ සැසියක් පැවැත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට පහසුකම් හිමි නොවීම හේතුවෙන් බවයි පැවසෙන්නේ.

එවන් පසුබිමක දින 10කට පසු ලැබුණු තණතීරුද නිසි ප්‍රමිතියකින් යුක්ත නොවීම නිසා එය පිතිකරුවන්ට අනතුරුදායක වන අයුරු අපට දැකගැනීමට හැකිවූ බවයි මැතිව්ස් පවසන්නේ.

රූපවාහිනී හිටපු වාර්තාකරුවෙක්ගෙන් ලංකාවේ විශාල කුමන්ත්‍රණයක් ගැන හෙළිදරව්වක්..(VIDEO)

රූපවාහිනී හිටපු වාර්තාකරුවෙක්ගෙන් ලංකාවේ විශාල කුමන්ත්‍රණයක් ගැන හෙළිදරව්වක්..(VIDEO)


සමස්තයක් ලෙස ලෝක කුසලානයකදී කණ්ඩායමකට දෙන පහසුකම් මෙවර ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාව ඇතුළු කණ්ඩායම් කිහිපයකට හිමිනොවීම කණගාටුවට කරුණක් බවයි බොහෝ දෙනෙක් ප්‍රකාශ කර ඇත්තේ.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඇන්ජලෝ මැතිව්ස්,

"පුහුණුවීම් පහසුකම් හොඳ නැහැ. මං හිතන්නේ බැට් කරන්න බැරි වුණා කාටවත්.

පසුගිය දින කිහිපය ඉතාමත්ම දුෂ්කරයි. නමුත් මේක නිදහසට කරුණක් නෙමෙයි.

අපි බාධක මැද ජයග්‍රහණය කරපු කණ්ඩායමක්. ඉදිරි තරග 3ම තීරණාත්මක තරග 3ක් වෙනවා... ඊළඟ වටයට සුදුසුමක් ලබන්න. "