ප්‍රදේශ දෙකක වාහන පෙරළීයාමෙන් සිදු වූ අනතුරු දෙකකින් ජිවිත හානි දෙකක්..
By Piyumika
මොරගහහේන වීදියගොඩ, දියකඩ මාර්ගයේදී ව්‍යාපාරිකයෙකු සිය බිරිඳ සමග කුඩා ලොරි රථයකින් යමින් සිටියදී එම ලොරිය පෙරළී එයටම යටවීමෙන් ඔහු මියගොස් ඇත.
අනතුරින් මියගොස් ඇත්තේ වැල්මිල්ල හාලපිටිය පදිංචිව සිටි ආර්. ඒ. ජිනරත්න නමැති 67 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
මියගිය ව්‍යාපාරිකයා වීදියගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන යන පළතුරු වෙළෙඳසැල වසා දමා බිරිඳ සමග ලොරියෙන් යමින් සිටියදී ලොරි රථය මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිශාවෙන් බෑවුමට පෙරළී එම ලොරියටම යටවී මිය ගොස් තිබුණි.
එමෙන්ම වවුනියාව මඩුකන්ද ප්‍රදේශයේදී ට්‍රැක්ටරයක් වගා ලිදකට පෙරලි සිදුවූ අනතුරකින් සිවු දරු පියෙකු මියගොස් ඇති බව මඩුකන්ද පොලිසිය සදහන් කලේය.
මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 34 ක් පමණ වන පුද්ගලයෙකි.
ඔහු සී සෑමට යාමේදී ට්රැක්ටරය අනාරක්ෂිත වගා ලිදට මෙසේ පෙරලි ගොස් තිබේ.