රාත්‍රියේ පෙම්වතිය හමුවෙන්න ආපු පෙම්වතා නිවැසියන්ට බයේ දුවද්දී පාළු ළිඳකට වැටී මිය යයි..

Report

හලාවත, තොඩුවාව ප්‍රදේශයේ නිවසක නවාතැන් ගෙන සිටින සිය පෙම්වතිය හමුවීමට එම නිවසේ පිටුපස දෙසින් පැමිණි පෙම්වතා නිවැසියන් දැක බියවී දිව යද්දී පාළු ළිඳකට වැටී පසුගියද‍ා මියගොස් ඇතැයි තොඩුවාව පොලිසිය පැවසීය .

මෙම තරුණයා මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවකුවන අතර පෙම්වතියට මෙම නවාතැන සොයාදී ඇත්තේ ද ඔහු විසින් බව වාර්තා වේ.

මොකක්ද මේ අවුරුදු 128කට පස්සෙ කරන්න යන දේ..

මොකක්ද මේ අවුරුදු 128කට පස්සෙ කරන්න යන දේ..

සිද්ධිය වූ දින රාත්‍රියේදී ඔහු පෙම්වතියගේ නිවස අසලට යතුරුපැදියෙන් පැමිණ එම යතුරුපැදිය වෙළෙඳසැලක් ඉදිරිපිට නතර කර පෙම්වතිය හමුවීම සඳහා එම නිවසේ පිටුපස දෙසින් පැමිණ තිබේ .

සිය පෙම්වතා පැමිණි බව පෙම්වතිය නිවසේ හිමිකරුට පවසා ඇති අතර, ඔහු නිවස ඉදිරිපිටට පැමිණි අවස්ථාවේ බියට පත්ව පෙම්වතා දිව යද්දී මෙම පාළු ළිඳට වැටී ඇති බවයි පොලිසිය පවසනුයේ .