අනුරට රට හදන්න චීන රජයෙනුත් සම්පූර්ණ සහයෝගය - චීන තානාපති
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රට සංවර්ධනය කරලීමේ ක්‍රියාවලිය වෙනුවෙන් චීන රජයේ සම්පූර්ණ සහයෝගය ලබාදෙන බව මෙරට චීන තානාපති Qizhenhog මහතා පවසයි.
ඒ අනුව තානාපතිවරයා මේ බව සඳහන් කළේ චීන රජයේ ආධාර මත පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් නගා සිටුවීමට දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල්වලට ජීවනෝපාය වර්ධනය කරලීමේ උපකරණ ලබාදීමේ අවස්ථාවකට සහභාගී වෙමින්.
ඒ අනුව එහිදී රුපියල් මිලියන පහළොවක් පමණ වන වටිනාකමින් යුත් මහණ මැෂින් සහ ජල මෝටර් ප්‍රතිලාභීන් වෙත ලබාදීමට කටයුතු කර තිබුණා.
එසේම මේ අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසන විජේමුණි, නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් රත්නසිරි, පද්මසිරි බණ්ඩාර, පොළොන්නරුව නගරාධිපති ලලිත් තිස්ස කුමාර, පොළොන්නරුව දිස්ත්‍රීක් ලේකම් සුජන්ත ඒකනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.