අද පැය 12ක ජල කප්පාදුවක් - මේ ප්‍රදේශවල ජනතාව අවධානයෙන්

Report

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරන පරිදි, ගම්පහ දිස්ත්‍රික්කයේ නගර කිහිපයකට අද(07) පැය 12ක් වාරණය වන ජල කප්පාදුවක් සිදුකෙරේ.

'ජපන් බාබා වැන්ගා' නාගනී? අනාවැකිය වැරදෙයි - ජපානය විනාශ වන බව කී දිනය පහුවෙයි

'ජපන් බාබා වැන්ගා' නාගනී? අනාවැකිය වැරදෙයි - ජපානය විනාශ වන බව කී දිනය පහුවෙයි

මණ්ඩලය නිකුත් කළ නිවේදනයක දක්වා ඇත්තේ, පෙරවරු 8.30 සිට පස්වරු 8.30 දක්වා කාලය තුළ මෙම ජල සැපයුම අත්හිටුවීම සිදු වන්නේ යයි ජල කප්පාදුවට ලක්වන ප්‍රදේශ ලෙස පෑලියගොඩ, වත්තල, ජාඇළ, කටුනායක/සීදුව නගර සභා බල ප්‍රදේශ, කැලණිය, බියගම, මහර, දොම්පේ, ජාඇළ, මිනුවන්ගොඩ සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල කොටස් සඳහන් වෙයි.

දිනෙන් දින රන් මිල අඩුවෙයි - ඔබේ අවස්ථාව දැන්ම!

දිනෙන් දින රන් මිල අඩුවෙයි - ඔබේ අවස්ථාව දැන්ම!

මෙම ජල කප්පාදුව සිදු වන්නේ සපුගස්කන්ද උප පොළ මගින් විදුලිය බෙදාහැරෙන මාර්ගයන්ට අයත් අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු සඳහා බව ජල මණ්ඩලය වැඩිදුරටත් පවසා ඇත.