ඇමරිකාව ඊශ්‍රායලය සිදුකළ දැවැන්ත මෙහෙයුමෙන් පුද්ගලයින් 1,444 දෙනෙකු මරුට
අමෙරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධව පසුගිය 28 වෙනිදා සිට ඉරානයට එල්ල කරනු ලැබූ ප්‍රහාරවලින් දැඩි ලෙස විනාශ සිදුවී ඇත.
එරට සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මේ දක්වා පුද්ගලයින් 1,444 දෙනෙකු මිය ගොස් ඇති අතර තවත් 18,551 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
එම ප්‍රහාර තවදුරටත් ඉරානයේ දේශපාලන හා ආර්ථික තත්ත්වය අස්ථිර කරමින්,ක්‍රියාත්මක වන අතර ඉදිරියේදී මෙම මරණ ගණන මීට වඩා ඉහළ යා හැකි බවට විදෙස් ආරංචි මාර්ග සඳහන් කරයි.