සියල්ල උඩු යටිකුරු වෙයි - යුධ ගිනි මැද ගෑස් අපනයනය සම්පූර්ණයෙන්ම නවත්වයි

Report

මැදපෙරදිග කලාපය පුරා පවතින යුද වාතාවරණය සහ හෝර්මූස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනයට එල්ල වී ඇති බාධා හේතුවෙන්, කටාර්, බහරේන් සහ කුවේට් ඇතුළු ගල්ෆ් කලාපීය රටවල් සිය ගෑස් අපනයනය සම්බන්ධයෙන් 'අවාසනාවන්ත තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

මෙම තීරණය ඉරානය විසින් ඇමරිකානු මධ්‍යස්ථාන ඉලක්ක කරමින් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමත් සමග ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විශේෂයෙන්ම හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකාවලට එල්ල වන බාධා මේ තත්ත්වයට සෘජු බලපෑමක් ඇති කර ඇති බව සඳහන් වේ.

මැදපෙරදිය යුධමය වාතාවරණය සම්බන්ධයෙන් හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

මැදපෙරදිය යුධමය වාතාවරණය සම්බන්ධයෙන් හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

මෙම අර්බුදය මුල්කරගෙන, මාර්තු 02 වැනිදා කටාර් එනර්ජි (QatarEnergy) සිය ගෑස් ද්‍රවීකරණ (Liquefaction) කටයුතු අත්හිටුවා නිෂ්පාදනය නතර කිරීමෙන් මුල් පියවර ගත්තේය. මේ නිසා ගෝලීය බලශක්ති වෙළඳපොළ තුළ දැඩි කැලඹීමක් ඇති විය.

ඉන් කිහිප දිනකට පසුව, කුවේට් පෙට්‍රෝලියම් සංස්ථාව සහ බහරේනයේ බැප්කෝ එනර්ජීස්'සමාගම ද සිය අපනයන කටයුතු අත්හිටුවීමට පියවර ගත්තේය.

මෙම තත්ත්වය හමුවේ ඉන්දියාව තම බලශක්ති අවශ්‍යතා කළමනාකරණය සඳහා හදිසි ක්‍රියාමාර්ග ගෙන, පවතින ගෑස් තොග ප්‍රමුඛතා ක්ෂේත්‍ර වෙත පමණක් ලබා දීමට පියවර ගත්තේය.

ආර්ථික විශේෂඥයන්ගේ අනාවැකියට අනුව, මෙම තත්ත්වය ගෝලීය තෙල් සහ ගෑස් වෙළෙඳපොළට ඉදිරියේදී තවදුරටත් දැඩි බලපෑමක් එල්ල කරනු ඇත.

සුළු මොහොතකට පෙර අවවාදාත්මක නිවේදනයක් - රාත්‍රී 11 දක්වා වලංගුයි

සුළු මොහොතකට පෙර අවවාදාත්මක නිවේදනයක් - රාත්‍රී 11 දක්වා වලංගුයි