6 දෙනෙකුට දිවි අහිමි කල මාරක අනතුරු පෙළ

Sri Lanka Police Sri Lanka Accident Death
By Piyumika Jul 14, 2024 06:36 AM GMT
Piyumika

Piyumika

Report

ප්‍රදේශ කිහිපය සිදුවූ රිය අනතුරු 05කින් පුද්ගලයින් 06දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය පවසන්නේ, අත්තනගල්ල, ලුණුගම්වෙහෙර, ගිරිඋල්ල, අම්බලන්ගොඩ,මොරන්තුඩුව යන පොලිස් වසම්වලින් එම අනතුර වාර්තා වූ බවය.

ඊයේ (13) දිනයේදී අනතුරු 04ක්ම සිදුව තිබුණි.

භාරයට ගත් පුද්ගලයාගේ කලිසමේ සඟවාගෙන සිටි දෙය දැකලා ‍රේගු නිලධාරීන්ගේ ඇස් උඩ යයි..(VIDEO)

භාරයට ගත් පුද්ගලයාගේ කලිසමේ සඟවාගෙන සිටි දෙය දැකලා ‍රේගු නිලධාරීන්ගේ ඇස් උඩ යයි..(VIDEO)

ගිරිඋල්ල - හමන්ගල්ල මාර්ගයේ කොහිලවල ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, කුලියාපිටිය හා ගිරිඋල්ල ප්‍රදේශවල පදිංචිව සිටි 19 හා 21 යන වයස්වල පසුවන තරුණයින් දෙදෙනෙකි.

මේ අතර ගාල්ල - කොළඹ මාර්ගයේ අම්බලන්ගොඩ නගරයේදී සිදුවූ යතුරපැදි අනතුරකින් 20 හැවිරිදි තරුණයෙක් ජීවිත්කෂයට පත්ව තිබේ.

ගාල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවට ලිස්සා ගොස් ගසක ගැටී එම අනතුර සිදුව තිබුණි.

කොරියානු ජාතික කාන්තාවකට මරු කැඳවූ දිය වැල..

කොරියානු ජාතික කාන්තාවකට මරු කැඳවූ දිය වැල..

එමෙන්ම ලුණුගම්වෙහෙර පොලිස් වසමේ අඩි 100 මාර්ගයේ, අඩි 100 ප්‍රදේශයේදී යතුරුපැදියක් මාර්ගයේ හරහා ගමන්කළ පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව තිබේ.

එම අනතුරින් තුවාල ලැබූ පදික පුද්ගලයා මියගොස් ඇති බව පොලීසිය පවසයි. එලෙස මියගොස් ඇත්තේ ධීවර ගම්මානය, ලුණුගම්වෙහෙර ප්‍රදේහයේ පදිංචිව සිටි 33 හැවිරිදි පුද්ගලයෙකි.

බසයක් තුළදී 27 හැවිරිදි තරුණියකට මවුලවිවරයෙක් කළ දේ..(VIDEO)

බසයක් තුළදී 27 හැවිරිදි තරුණියකට මවුලවිවරයෙක් කළ දේ..(VIDEO)

මේ අතර නිට්ටඹුව - හංවැල්ල මාර්ගයේ ඌරාපොළ හන්දිය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් පදික කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුව තිබුණි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ කාන්තාව වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ, රතඹලේ, ඌරාපොළ ප්‍රදේශයේ පදිංචිව සිටි 68 හැවිරිදි කාන්තාවකි.

ජනාධිපතිවරණය කල් දැමීමේ උත්සහයක් ක්‍රියාත්මක කිරීමේ අනතුරක්..ජනපතිවරණයට එරෙහි දෙවැනි පෙත්සම සළකා බැලීම හෙට..

ජනාධිපතිවරණය කල් දැමීමේ උත්සහයක් ක්‍රියාත්මක කිරීමේ අනතුරක්..ජනපතිවරණයට එරෙහි දෙවැනි පෙත්සම සළකා බැලීම හෙට..

එසේම අද දිනයේදී සිදුවූ අනතුරකින් තරුණයකුට දිවි අහිමි වී තිබේ.

මොරන්තුඩුව බණ්ඩාරගම මාර්ගයේ දැල්කඩ හන්දියේ දි ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් යමින් සිටි 19 හැවිරිදි තරුණයකු අද (14) බස් නැවතුමක ගැටීමෙන් මියගොස් ඇතැයි මොරන්තුඩුව පොලිසිය පැවසීය .

අනතුරින් මියගොස් ඇත්තේ කොලොන්නාව සංගීත සෙවණ මහල් නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි සහකාර සුපවේදියෙකු ලෙස රැකියාව කරන මීපේ ආරච්චිගේ තෙව්නිජදිල්මෙත් නමැති තරුණයෙකි.

6 දෙනෙකුට දිවි අහිමි කල මාරක අනතුරු පෙළ | 06 People Lost Their Lives In 05 Accidents

කොටහේන ප්‍රදේශයේ පෞද්ගලික ආහාර නිෂ්පාදන ආයතනයක සේවය කරන මියගිය තරුණයා පානදුර ප්‍රදේශයේ උපන්දින සාදයකට සහකාර සුප වේදියෙකු වශයෙන් සේවය ලබාදී රෑ බෝ වූ බැවින් නිවසට නොගොස් ප්‍රධාන සුපවේදියාගේ මොරත්තුඩුව ගෝනදූව නිවස කරා යමින් සිටියදී මෙම අනතුර වී ඇතැයි පොලිසිය ප්‍රකාශ කරන ලදී .